අගමැති විශ්වාස නැති, ජනපතිට බැන වදින ඇමතිවරුන්ගෙන් තොර ආණ්ඩුවකට දැන්වත් ඉඩ දිය යුතුය

රජිත් කීර්ති තෙන්නකෝන්
රජිත් කීර්ති තෙන්නකෝන්

රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි

ජනපතිට, අගමැතිට බනින ඇමතිවරු ඉන්නේ මොන කැබිනෙට්ටුවේ ද?

අගමැති විශ්වාස නැති, ජනපතිට බැන වදින ඇමතිවරුන්ගෙන් තොර ආණ්ඩුවක් දැන්වත් ඉඩ දිය යුතුය

අගමැති රනිල් ට විරුද්ධ ඡන්දය දුන් අමාත්‍යවරුන් මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපි ලියා ඇත. ඔවුන් කියන්නේ ජනාධිපතිවරයා විසින් තමන් ඉවත් කළ යුතු බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 43 (2)ට අනුව “The President shall, on the advice of the Prime Minister, appoint from among Members of Parliament, to be in charge of the Ministries………’’

ව්‍යවස්ථාවේ 46 (2) ට 43 (3) ට අනුව, අගමැති ඉවත් කරන්නට ජනාධිපතිට බැරිය. අගමැතිගේ උපදෙස් නැතිව ඇමතිවරු පත් කරන්නට බැරි නමුත් ඔවුන්ගේ විෂය වෙනස් කළ හැකිය.
එජාපයේ තර්කය අගමැතිට විරුද්ධව ඡන්දය දුන් නිසා කැබිනට්ටුවේ සිටිය නොහැකි බවයි. සම්පූර්ණ ඇත්තය. එය සදාචාර සම්පන්න නැත. එකතොට කැබිනට්ටුවේ ප්‍ර‍ධානියා වන ජනාධිපති මෛත්‍රීපාල ට බැන වැදුණු, කැබිනට් සාමුහික වගකීම උල්ලංඝනය කළ අමාත්‍යවරුන් සමග එක කැබිනට්ටුවේ වාඩිවීමට ජනපති මෛත්‍රීට ලැජ්ජාවක් නැද්ද?

ලැජ්ජාව කියා දෙයක් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ නැති නිසා පහුගිය දවස්වල ජනාධිපතිට බැන වැදුණු අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍ර‍නාන්දුට කැබිනට් ඇමතිකම් දී එහි ප්‍ර‍ධානියා ලෙස අගහරුවාදාට කැබිනට් රැස්වීමේ වාඩි වෙන්නට ජනාධිපති මෛත්‍රීට බාධාවක් නැත.

දැන් මේ යහපාලන දේශපාලන දීගය අවසන් ය. තව ආණඩුවට ඇත්තේ මාස 21 කි. එජාපයට තනි ආණ්ඩුවක් කරගෙන යන්නට ඉඩ ලැබිය යුතුය. යහපාලන දීගය පවත්වාගෙන යාමට අවශ්‍ය නම් රනිල්ට විරුද්ධව ඡන්දය දුන් 6 ම කැබිනට්ටුවේ තවදුරටත් තියා ගත හැකිය. ජනාධිපතිට බැන වැදුණු අකිල, හරීන් වැනි උදවිය සමග කැබිනට් කළ හැකිය.

මෙවැනි දෑ මෙයට පෙර ලංකාවේ කැබිනට් මණ්ඩලය තුල සිදුවී නැත. සමාවෙන්න, යහපාලනය යටතේ සිදු වූ බොහෝ දේ මෙයට පෙර ලංකා දේශපාලනයේ කිසිදු දවසක සිදුව නැත.

විකෘතිය නිවැරදි කළ යුතුය. අද විපක්ෂ නායක සම්බන්ධන් ඇතුළු නාමික විපක්ෂය ආණ්ඩුවට යා යුතුය. නමට ආණ්ඩුවේ සිටින අගමැති විශ්වාස නැති එජනිස ය විපක්ෂයට යා යුතුය. එජාප තනි ආණ්ඩුවක් සෑදිය යුතුය.

සභාග හෝ ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නම් එය සෑදිය යුත්තේ ද්‍ර‍විඩ ජාතික සන්ධානය, මුස්ලිම් කොන්ග්‍ර‍සය හෝ ඊපීඩීපී සංවිධානය (සහ ජනතා විමුක්ති පෙරමුණ) යන පාර්ලිමේන්තුව මැතිවරණයට වෙනම තරග කොට මන්ත්‍රීවරුන් තේරී පත් වූ දේශපාලන පක්ෂ සමගිනි.

නැතිනම් තවත් මාස 22 ක් විශ්වාස භංග මිස රටට වැඩක් නම් නැති වනු ස්ථිරය.

Please follow and like us:

3 thoughts on “අගමැති විශ්වාස නැති, ජනපතිට බැන වදින ඇමතිවරුන්ගෙන් තොර ආණ්ඩුවකට දැන්වත් ඉඩ දිය යුතුය

  1. Do not mislead the public. Every has the right to criticize. The UNP mps also did the same thing. Every politician should be able to stand and counter the arguments.
    But No Confidence motion is not criticizing but some action against PM. The equivalent is an impeachment to President. Did UNP mps brought an Impeachment against President? NO.
    Do not try to compare criticism with No Confidence motion please.

  2. තෙන්නකෝන් ගේ ලිපියක් දැම්ම වගේ මගේ ලිපියක් හමාරකුත් මේකේ දැවී මන් හිතන්නේ

    සුදුකුකුලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *