ටොයියන්, බයියන්, ලිබ්බන්, ජෙප්පන්, කුරුට්ටන් ආදී භේදයකින් තොරව අන්තර්ජාල වාරණයට එරෙහිව එක් වෙමු

අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපාරය
අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපාරයෙන් ඔබටත් මෙවැනි බැනරයක් ලබාගෙන බෙදා හැරිය හැකියි. මෙතන ක්ලික් කරන්න

ෆේස්බුක් භීතිකාවෙන් පෙළෙන මෛත්‍රීපාල-රනිල් ආණ්ඩුවේ මාධ්‍ය වාරණයට එරෙහිව සමාජයේ විශාල හඬක් මතු වෙමින් තිබේ.

දැන් ඔවුන් සැරසෙන්නේ ෆේස්බුක් සමාගම හරහා ම ෆේස්බුක්හි අන්තර්ගතයන් වාරණය කරවා ගනිමින් නැවතත් එය විවෘත කරන්නට ය.

ප්‍රසිද්ධ ෆේස්බුක් මාධ්‍යකරුවකු වන ඕෂල හේරත් පවසන්නේ එයට ඉඩ නො දිය යුතු බවයි. ෆේස්බුක් නැතත්, එවැනි වාරණයන්ට හිස නො නැමිය යුතු බව ඔහු පවසයි.

රජයන්ට හා පොලිසිවලට ෆේස්බුක් සමාගමට පැමිණිලි කර තොරතුරු ලබා ගන්නට හා වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නට තිබෙන පහසුකම පාවිච්චි නො කර ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වාරණය කිරීම පිළිබඳ ඔහු සිය දැඩි විරෝධය පළ කරයි.

ඉදිරියේදී මෙම මාධ්‍ය වාරණයට එරෙහිව තානාපති කාර්යාලවලට හා එක්සත් ජාතීන්ට පැමිණිලි කිරීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.

ෆේස්බුක්, සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය පාදක කරගෙන මාධ්‍යකරණයේ යෙදෙන විවිධ මතවාද දරණ විශාල පිරිසක් මේ සමග එක් වී සිටිති.

මේ හැර තවත් මුලපිරුම් ගණනාවක් ද සිදු වී තිබේ. ඒ සියල්ල දේශපාලන භේදයකින් තොරව එක තැනකට ගෙන එමින් ආණ්ඩුවේ මාධ්‍ය වාරණයට එරෙහිව දැවැන්ත හඩක් නැගිය යුතු ය. ටොයියන්, බයියන්, ලිබ්බන්, ජෙප්පන්, කුරුට්ටන් ආදී භේදයකින් තොරව අන්තර්ජාල වාරණයට එරෙහිව එක් වෙමු.

මේ බලු වාරණය සිදු කළ ආණ්ඩුවට ජනතාව විසින් පාඩමක් ඉගැන්විය යුතුව තිබේ.

ඕෂල හේරත්:

නීතිඥ ප්‍රබෝධ රත්නායක:

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *