අපි under construction

W3Lanka බ්ලොග් එකට අවුරුදු නවයක් විතර වෙනවා. ඒ නමින් වෙබ් සයිට් එකක් පටන් අරගෙන නම් දැන් අවුරුදු 10ක් ම වෙනවා. 

මේ අවුරුදු 10 තුළත් අපි ගොඩක් වෙනස් වුණා. ලියන, ඉදිරිපත් කරන විදියෙ විතරක් නෙමෙයි, හිතන පතන විදියෙත් ලොකු වෙනස්කම් වුණා. අපි හිටියෙ චලනයක.

ලොකු වෙනසක් එක්ක අලුත් පිම්මක් පනින්නට කලක සිට සිතාගෙන හිටියත් ඒක දිගින් දිගට ම අතපසු වුණා. සියල්ල සම්පූර්ණ කරගෙන පටන් ගන්නට බැහැ. අතට අහු වෙන තැනින් පටන් ගත්තා. මේ වෙනසත් කතාවක් වේවි. ඒ කතාව හෙමිහිට ලියන්නම්. මේ තමයි අපේ අතින් අලුත් අවකාශයේ ලියවෙන පළමුවෙනි පෝස්ටුව.

දැනට එච්චරයි. හදිසි වැඩ ගොඩක් තියෙනවා. ඔබ මේ ගෙදරට එනකොට මේක හැඩි වෙලා තියෙන්න හොඳ නැහැ නේ. ගඩොල් කෑලි, සිමෙන්ති, ලී කෑලි අතන මෙතන වැටිලා. ඒ නිසා මම යනවා ඒවා අහුලන්න.

පරණ බ්ලොග් එක තවම තියෙනවා. ඒ ලිපි එකක්වත් මකලා නැහැ. මෙන්න මෙතනින් ඒවා කියවන්න පුළුවන්.

w3lanka.blogspot.com

Please follow and like us:

2 thoughts on “අපි under construction

    1. මේකෙන් සල්ලි හොයන්න බලාපොරොත්තුවක් නැහැ. වියදම් කවර් කර ගන්න තමයි හිතන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *