අමිල හිමිට සල්ලි දීපු කේස්සෙක ගැන වැඩිදුර විස්තර මෙන්න

රජගල

මට නම් අමිල හිමි හා තවත් සිවිල් සමාජ නියෝජිතයන් යූඇන්පිය හරහා සල්ලි ගැනීම ගැන කිසිම මෙව්ව එකක් නැහැ. මං නම් ගත්තෙත් නැහැ. ඉල්ලුවෙත් නැහැ. මට සල්ලි, ජොබ් හෝ බිස්නස් හෝ ඕනැකමක් තිබුණෙත් නැහැ. ලොකුවට නැති වුණාට මට අවශ්‍ය ප්‍රමාණයට මට ඒවා තිබුණා. අපි වැඩ කළේ ඒවාත් අවදානමේ හෙළාගෙන.

ලොකු ලොකු දේවල් නෙමෙයි, මාධ්‍ය පැත්තෙන් වැඩිපුර වැඩ කරන්නට අවකාශයක් හදාගන්නට උවමනාව තිබුණත්, අපි ඇසුරු කළ මාධ්‍ය බුවාලා කියන්නෙ කුහකත්වයේ ඔස්තාද්ලා. උන් මුලින් ම කළේ අපට ගේම දෙන එක. සිවිල් සමාජ සෙට්ටෙකෙන් හෝ මාධ්‍ය සෙට්ටෙකෙන් හෝ යූඇන්පියෙන් හෝ අපේ අරමුණු සඳහා උපකාර නොලැබෙන බව අපි නම් බොහොම ඉක්මණින් අවබෝධ කරගත්තා. උන් ඉතාම සාමාන්‍ය කුහකයෝ. අපි වගේ උන්ගෙ පුක පස්සෙන් නොඑන, උන්ට ඕනැ විදියට නටන්න සූදානම් නැති එවුන්ගෙන් ගන්න පුළුවන් වැඩක් හෝ ගන්නට උන් බය වුණා. හැබැයි, අපි අපේ අරමුණු වෙනුවෙන් දේශපාලනය කිරීම අත්හැරියෙ නැහැ. අපි වැඩ කළේ අපේ අතින් වියදම් කරගෙන. බ්ලොග් ලියනවාට, සෝෂල් මීඩියා සටහන්වලට අමතරව, සතිපතා පත්තර දෙකකටවත් අපි ලිව්වා. ඒ සියල්ල කළේ නොමිළේ. ඒවා කරන අතර ආර්ථිකය නඩත්තු කරන්නට වෙනම වැඩ කළා. පොතුත් ලිව්වා. ඒවා පළ කිරීමත් කළා. ජාතික ලොතරැයි මණ්ඩලේ අනුග්‍රහය නැතුව ඒවා දොරටත් වැඩියා. අපට ඒවා මීට වඩා පුළුල් කරන්නට ශක්තිය දුන්නා නම්, අපි සමාජය වෙනස් කරන්නට මීට වඩා දෙයක් කරන්නට තිබුණා. හැබැයි, සිරිකොතෙන් පඩි ගන්නවා ය කියලා වැඩියෙන් ම බැනුං ඇහුවෙත් අපි. අපි ඒ කුණු කතා අහද්දි සිරිකොතේ කක්කුස්සි කඩාගෙන කාපු එවුන් පවා අපට හිනා වුණා.

හැබැයි සාන්ත, මේ සැරෙත් අපි නම් අර බෝසතාණන් බුද්ධත්වයට පත් වෙන්නට පෙර දුටු හීන හතේ තිබුණු පස්වන හීනෙ වගේ එකක් දැක්කා. ඒ හීනෙ මෙහෙමයි. “පස්වන සිහිනය වශයෙන් බෝසත්හු විශාල කැත කුණු පර්වතයක් මුදුනෙහි ඒ කැත කුණු කිසිවක් පයෙහි නොතැවරී ඇවිදින්නට වූහ.” උපුටා ගැනීම, සම්බුදු සිරිත, කේ.ඩී.පී. වික්‍රමසිංහ මහතා

හැබැයි උන් අපිව නොමිළෙම කඩේ යවන්න උත්සාහ කළේ නැත්තෙ නැහැ. ඒවා ගැන අපි හිටියෙ හොඳ අවබෝධයක. ඒ නිසා උන් රෑ හතට, අටට, සෙනසුරාදාට, ඉරිදට කොළඹ මීටිං දාගත්තට අපි නම් වැඩ ඔක්කොම පාළු කරගෙන පුක උඩ දාගෙන දිව්වෙ නැහැ. අපි කැමති ඒවට ගියා. ගිය ඒවට ගියේ අතින් වියදම් කරගෙන. ඒවායින් අපි මේවා වැඩ කරන නාඩි අල්ලගත්තා. ගොඩ ඉඳන් ඔක්කොම දන්නවා ය කියා හිතන් ඉන්න පණ්ඩිතයන්ට අපි කියන්නෙ ඔයාලා අපි මේ හරහා ඉගෙන ගත්ත ටික දන්නෙ නැහැ.

අමිල හිමි ඇතුළු පිරිසක් (මං නම් කියන්නෙ නැහැ) ගත් මුදලට තම සේවාව සැපයුවා. ඒ අතරෙ සරත් විජේසූරියලා, ගාමිනී වියන්ගොඩලා ඒකත් කළේ බාගෙට. සල්ලි එක්ක සම්බන්ධයක් නැති බවට බොරු පඩ ෂෝ දාන්න ගියා. දැන් මාට්ටු වෙලා තියෙන ඒවට ඒගොල්ලන් ම උත්තර දිය යුතුයි.

අමිල හිමි තමයි යූඇන්පියට සිටින විශිෂ්ට ම කථිකයා. ඔහුගේ ඇත්ත මිළ මාසෙට රු. 95,000ට වැඩියි. ඒ නිසා හාමුදුරුවෝ සැලෙන්න එපා. ඔව් මං සල්ලි ගත්තා, මගේ ගමනට, බිමනට, දානෙට අරකට මේකට ඒ ගාන අවශ්‍ය බව කියන්න. අමිල හාමුදුරුවො වගේ අය සිටිය යුත්තෙ පාර්ලිමේන්තුවෙ. ඒ අවස්ථාව නොදී අමිල හාමුදුරුවන්ට ලිට්‍රෝ ගෑස් රෙගියුලේටරේ හයි කළේ රනිල්ගෙ බලුකමට. යූඇන්පියට හරිහමන් කථිකයෙකුත් නැහැ. ඉන්න එකාගෙ නම රැකගෙන ඒ වැඩේ කරගෙන යන්න පහසුකම් සැලසීමකුත් නැහැ. ඒක තමයි මං කියන්නෙ යූඇන්පිය දන්න රෙද්දෙ දේශපාලනයක් නැහැ ය කියලා.

Advertisement
දැන්වීමකි

සිවිල් සමාජ සෙට් එක ඩීල් කළ යුතුව තිබුණෙ පාර්ලිමේන්තුවේ එජාප ජාතික ලැයිස්තුවට. ඒ වුණාට සිවිල් සමාජය නියෝජනය කරමින් එතෙන්ට ගියේ ජයම්පතී, ආශු වගේ අය. විමල් ළඟ ඉඳලා පට්ට ගේමක් ගහලා රනිල් ළඟට සෙට් වුණ ආශු මේ සැරේ සිවිල් සමාජ සෙට් එක විකුණන්නෙ බාගේන් සේල් ප්‍රයිස් එකට. ලබන සැරේ යූඇන්පී ජාතික ලැයිස්තුවේ සිවිල් සමාජය නියෝජනය කරමින් ආශුට අමතරව සිරිමසිරි කියල පිස්සු බුවෙකුත් ෆෝන් එක ඔබ ඔබ ගොන් කෑලි අමිල සාදුටයි බාහු සහෝදරයටයි පෙන්න පෙන්න හිටියොත් ඔයාලා පුදුම වෙන්න එපා.

සිවිල් සමාජෙන් පාර්ලිමේන්තු යා යුතුව තිබුණු කෙනෙකු තමයි සුදර්ශන. ඒ වුණාට එයා රජයෙ නිලධාරියෙකු වෙලා ඕනෑවටත් වඩා පොෂ් නිලධාරියකු වෙන්න ගියා. නිමල්කලා වගේ අය මේ ආණ්ඩුවෙන් තනතුරුවල හිර කළා. දේශපාලනය කළ යුතු අය නිලධාරි වුණා. සිවිල් සමාජය යූඇන්පිය එක්ක හරියට දේශපාලන සෙල්ලම කරන්නට අසමත් වුණා. මේවා මං ඔවුන්ට කලිනුත් කිව්වා. ආයෙ කෙළවගන්න ඉස්සෙල්ලයි මේ විවෘතව ම ලියන්නෙ.

සිවිල් සමාජ සෙට්ටෙක ගැන මේ සටහන තබන්නෙ උන්ගෙන් වෙන් වෙන්න නෙමෙයි. එතන හොඳ මිනිසුන් රැසක් ඉන්නවා. අමිල හාමුදුරුවෝ, බාහු සහෝදරයා වගේ අය මං හිතන්නෙ හොඳ මිනිස්සු. මං හැමදාමත් ගරු කරපු ජයතිලක බණ්ඩාර සහෝදරයා වගේ අය මල් පෝච්චි වගේ ඉස්සරහින් නොහිටියාට ඒ පිටුපස තිබෙන ලොකු ශක්තියක්. පිලිප්ලා, රාජ සහෝදරයලා වගේ අය හොඳ මිනිස්සු. හැබැයි, පට්ට කුහක ගේම් ඔස්තාද්ලා කීපදෙනෙකුත් ඔතන ඉන්නවා.

එජාපෙ ආණ්ඩුවෙන් පසුගිය කාලේ ලොකුම වැඩ කරවා ගත්තෙ සිවිල් සමාජය. ස්වාධීන කොමිෂන්, තොරතුරු අයිතිය, අතුරුදහන් වූවන් සඳහා කාර්යාලය, හානිපූරණය වගේ ඒවා සිවිල් සමාජයේ ජයග්‍රහණ. ඒවා කරවාගන්නට පුළුවන් වුණේ විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධානවලට තිබුණු උද්දේශන හැකියාව නිසා. දේශපාලන සිරකරුවන් වැනි ප්‍රශ්න විසඳාගන්නට බැරි වුණේ ඒ වෙනුවෙන් වැඩ කළ රාජ්‍ය නොවන සංවිධාන ආදිය ඒවා දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්නට යාම නිසා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙ සිදුරු වැනි ඒවා සිවිල් සමාජය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය ජයම්පතිලාගේ බ්ලන්ඩර්.

කෙසේ වෙතත්, සිවිල් සමාජය ගැන මෙයත් කිව යුතුයි. ඔවුන් නොමැතිනම් එජාපට මේ වනවිට ඇඩ්‍රසුත් නැහැ. ඒ තරමට එජාප කියන්නෙ හිස් ම හිස් කලගෙඩියක්. හැබැයි බඩ ලොකුයි. එතන ඉන්නෙ තමන්ට ආණ්ඩුව තිබුණු කාලෙ මීඩියා එකක්වත් හදාගන්නට තරමට දේශපාලනය නොදත් ගොන් වාහෙලා ටිකක්. දේශපාලනය කරන්නට නෙමෙයි, හවුලෙ ජෝඩු බලන්නටවත් එජාප වැඩක් නැති බව මම ඔක්තෝබර් 25 කිව්වා. කොහෙද මේ මහින්ද 26 ඇවිත් මගුලක් කළානෙ. ඒ නිසා අපිත් ආපහු එජාපට සපෝට් කළා. මහින්ද කරපු වැඩෙන් හැබැයි එජාප ගොඩ ගියා. නැතිනම් එජාප කියන්නෙ රනිල්ලා වගේ අසංවේදී ලාදුරුකාරයන්ගෙයි, මංගලලා වගේ අලසයන්ගෙයි, සජිත්ලා වගේ වැඩ බැරි දාසලාගෙයි, මලික්ලා රවීලා වගේ බිස්නස්කාරයන්ගෙයි අම්බලමක් විතරයි. චම්පිකලා, රාජිතලා, සරත් ෆොන්සේකලා විතරක් නෙමෙයි දඹර අමිලලා හරහා එක්සත් ජාතික පෙරමුණට මහින්ද එක්ක ශක්තිමත් විදියට හැප්පෙන්නට පුළුවන් තත්වයක් දැන් තිබෙනවා. හැබැයි, ඒකට බිම් මට්ටමේ යූඇන්පීකාරයන් බලමුළුගන්වාගැනීමේ හැකියාව ගොඩනගාගන්නට ඕනැ. එජාපට මේ වන විට ඒ හැකියාව නැති වෙලා ගිහින්. ඔය සජිත්ලා වගේ එවුන්ට අඩු ගානෙ හම්බන්තොට රැස්වීමක්වත් කරගන්නට පුළුවන් වෙලා තියෙනවද බලන්න. සිවිල් සමාජ සෙට්ටෙකට ප්ලේස් වෙන්න පුළුවන් මෙන්න මෙතන. හැබැයි යූඇන්පී ආසන සංවිධායක මෝඩයන් වැඩි හරියකට උන්ගෙ භාෂාවවත් තේරෙන්නෙ නැහැ. උන් හිතන්නෙ සිවිල් සමාජය එන්නෙ උන්ගෙ අනුගාමිකයන්ගෙ ඔලු කුරුවල් කරන්න ය කියලායි. යූඇන්පියේ ඉහළ එවුන් ආසන සංවිධායකයන් එක්ක ගනුදෙනු කරන්නෙ සිරිකොතේ ක්ලාක්ලා හරහා ටෙලිෆෝන් එකෙන් කියපන්කො. මේව පොලිටික්ස් නෙමෙයි පිස්සු පීකුදු සාන්ත.

මා ගැන තවදුරටත් කියනවා නම්, මේ වන විට මා මගේ යහපාලන, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මිෂන් එක අවසන් කරමින් සිටිනවා. දෙසැම්බර් හත කවර තීන්දුවක් ලැබුණත්, ඒ පරිච්ඡේදය අවසන්. මහින්ද රාජපක්ෂ ක්‍රමයට එරෙහි කොන්දේසි විරහිත අරගලය අත නොහැරියත්, එජාපට සහයෝගය දීම ඉතා පැහැදිලිව ම දැඩි කොන්දේසි සහිතයි.

අද මං ඔබට රහසක් කියන්නම්. අලුත් විදියක මීඩියා වැඩක් එක්ක අපි මේ මාසෙ අලුත් ගමනක් අරඹනවා.

Header Banner Advertisementකිව්වෙ ඒකයි. අපි වැඩ කරන්නෙ අද වෙනුවෙන් නෙමෙයි. තව අවුරුදු පහක් එහා අනාගතය වෙනුවෙන්.

මේවත් කියවන්න සාන්ත

Mahinda Rajapaksa

රාජපක්ෂ ක්‍රමය යනු කුමක් ද? එය පැරදවිය යුත්තේ ඇයි?

– අජිත් පැරකුම් ජයසිංහ (අනිද්දා පුවත්පත 2018-12-02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර ඇති වූ කුමන්ත්‍රණකාරී ප්‍රතිසංවිධානය මගින් දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට මේ වන විට මාසයක් ගත වී තිබේ. බහුතර සහයෝගය නොමැති ආණ්ඩුව මෙම සටහන තබන මොහොත වන විට පාර්ලිමේන්තුව වර්ජනය කරමින් කැළෑ වැදී තිබේ. පාලනය අස්ථාවර… Read More

විධායක ජනාධිපති ක්‍ර‍මය නම් දැලි පිහිය

අප පහත දැක්වෙන සටහන තැබුවේ 2015 ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් මාසයේදී ය. මුල් ලිපිය මෙසේ ය: අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය… විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි. මෙය කළ නො හැකි ය. අපි වඩා ප්‍රායෝගිකව… Read More

මහින්දගේ රට ගොඩනගන මැජික්වල ඇත්ත හෙළිදරව් වීම

අජිත් පැරකුම් ජයසිංහ, නොවැම්බර් 25දා අනිද්දා පුවත්පතෙනි කුමන්ත්‍රණයකින් බලය ඩැහැගත් සිරිසේන – මහින්ද බල හවුල 2015 ජනවාරි 8 හැටදෙලක්ෂයේ ජනවරමට පයින් ගසමින් බලය තහවුරු කරගනිමින් සිටියි. පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් පැරදීම හෝ ව්‍යවස්ථාවේ ගරුත්වය හෝ තමන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් නැතිකම හෝ නොතකා දිගටම බලයේ එල්ලී සිටින ගමන් මන්ත්‍රීවරුන් මිළ දී ගැනීම යළි… Read More

බලය ඇල්ලුවට ණය කන්ද දැක්කාම දැන් සැප ද?

අජිත් පැරකුම් ජයසිංහ, 2018 නොවැම්බර් 25 ලංකා පුවත්පතෙනි. මූඩිගේ ආයෝජන සේවායතනය කියන්නේ ආයෝජකයන්ට රජයන්ගේ සහ බැංකු ආදියේ ස්ථාවරත්වය පිළිබඳ විග්‍ර‍හ සපයන පිළිගත් ආයතනයක්. මෙම විග්‍ර‍හ ආයෝජකයන්ට ඉතා වැදගත්. ඔවුන් ආයෝජන සිදුකිරීමේදී මෙම විග්‍ර‍හ සැලකිල්ලට ගන්නවා. මූඩිගේ විග්‍ර‍හ අනුව කිසියම් රටක ආයෝජනය කිරීම අවදානම් සහගත නම්, ආයෝකයන් එක්කෝ ආයෝජනය නොකර ඉන්නවා.… Read More

ලංකාවේ තරුණ දේශපාලනයේ රැඩිකල්කරණය

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන සමාජ වෙනස වෙනුවෙන් තරුණයන් බලමුළුගැන්වීම පිළිබඳ වැඩසටහනකදී අද දින මට තරුණ දේශපාලනයේ රැඩිකල්කරණය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්නට තිබෙනවා. මේ අදහස් ටික ගොනු කරගන්නේ ඒ වෙනුවෙනුයි. තරුණ දේශපාලනය කොහොමත් සටන්කාමීයි. ලංකාවේ උතුරේත්, දකුණේත් රැඩිකල් තරුණ දේශපාලනය 1960 දශකය දක්වා ම කේන්ද්‍ර වුණේ සමසමාජ, කොමියුනිස්ට්… Read More

ලංකාවේ අර්බුදයට ජාත්‍යන්තර බලපෑම් සිදු වන පසුබිම

– අජිත් පැරකුම් ජයසිංහ (2018 ඔක්තෝබර් 18 ලංකා පුවත්පතෙනි) ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී ඔහු විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරන ලද කුමන්ත්‍ර‍ණය සමග මතු වූ දේශපාලන අර්බුදය තවමත් දිග්ගැසෙමින් තිබේ. මෙම අර්බුදය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කර තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අර්බුදයට… Read More

මෙය විප්ලවීය මොහොතකි

ශ්‍රී ලංකාවේ අර්බුදය තීව්‍ර‍ වෙමින් තිබේ. මේ වන විට අධිකරණයත් පැටලී තිබෙන මෙම අර්බුදයෙන් ගොඩ ඒමට මේ රටට තව වසර ගණනාවක් ගත වනු ඇත. රාජපක්ෂ පවුල් බලවේගයට අවශ්‍ය පරිදි මහ මැතිවරණයක් පැවැත්වීමෙන් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් හෝ මෙම අර්බුදය විසඳෙන්නේ නැත. ඒවායින් සිදුවන්නේ අර්බුදය තව තවත් තීව්‍ර‍… Read More

මහාචාර්ය රත්නජීවන් හූල්

මහින්දගේ හැබෑ පාට නැවත පෙන්වන හූල් විරෝධය

මහින්දට ස්වාධීන කොමිෂන් පෙන්නන්නට බැහැ. රාජපක්ෂ ක්‍ර‍මය ස්වාධීනත්වයට එරෙහි එකක්. ස්වාධීන කොමිෂන් සභා පිහිටවූ 17වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය අල වෙන්නට හැර 18වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහෝසි කර දැම්මේ මහින්ද ය.   මැතිවරණ කොමිෂමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබඳ නීතිමය තත්වය පැහැදිලි… Read More

19ට දැන් බනින අය එය උඩ දාගෙන සම්මත කළේ ඇයි?

19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මාළු දැලක් සේ පණුවන්ට රිංගන්නට පුළුවන් සිදුරු සහිත ලේඛනයක් බව ඇත්ත ය. එහි ගැටලු රාශියක් කෙරෙහි දැන් අවධානය යොමු වී තිබේ. එහෙත්, 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය යනු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වූවකි. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන් දියත් කරන ලද්දකි. එයට තුනෙන් දෙකේ ඡන්ද… Read More

Mahinda - Maithri

රනිල් – මහින්ද සාම සාකච්ඡා අරඹනු!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ සමග කරන ලද බලය ඇල්ලීමේ කුමන්ත්‍ර‍ණය හේතුවෙන් මේ වන විට රට දරුණු අර්බුදයක ගිලී තිබේ. අලුතෙන් පත් කරන ලද ‘අගමැති’ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නට බැරි වී තිබේ. එහෙත්, ජනාධිපති බලතල පාවිච්චි කරමින් මේ වන විට ඔහු වැරදි ආකාරයකින් බලය අල්ලාගෙන හමාර ය. රට… Read More

KPoint Book Image

62 ලක්ෂයේ ජනවරමට අලුත් නායකත්වයක් අවශ්‍යයි

මේ මොහොත වන විට පවතින තත්වය ඛෙදනීය ය. 62 ලක්ෂයේ ජනවරමට පයින් ගසා ද්‍රෝහී ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී අන්දමින් පත් කරන ලද පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැති නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ සිය සුපුරුදු දූෂිත හා ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී චර්යාව අනුව යමින් බහුතර විශ්වාසය පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන් මිළ දී ගනිමින් සිටියි.… Read More

අලුත්ම තත්වය: කවුද යන්නෙ? කවුද එන්නෙ?

බලය තහවුරු කරගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, කැඩී යාමට ඉඩ තිබෙන දුමින්ද දිසානායක වැනි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග සාකච්ඡා බැසිල් ආරම්භ කර තිබේ. ඒ අතර, ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටියි. ඔවුන්ට වඩාත් දුෂ්කර වී තිබෙන්නේ එයයි. ඇල්ලේ ගුණවංශ හිමි වැනි… Read More

Wimal Ketipearachchi

බල පෙරළිය හා පශ්චාත් සුනාමි උපකාරක මනෝ සංකීර්ණය

ඔබ 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කරන්නට උදව් කළ අයෙකු වන්නට පුළුවන්. එහෙම නැතිනම් ඔබේ මිතුරු මිතුරියන්, ඥාතීන් හෝ වෙනත් සමීප අය එසේ කරන්නට ඇති. ඒ වෙලාවේ ආණ්ඩු පෙරළියත් එක්ක ඔවුන් සතුටට පත්වෙන ආකාරය දැක ඔබ දුක්වන්නට ඇති. එහෙම නැතිනම්, මේ බල පෙරළියත් එක්ක ඔබ දුකට පත්… Read More

broiler cabinet

මහින්දගේ කැබිනට්ටුව අර්බුදයේ හා අසරණකමේ කැඩපතකි

මහින්දගේ කැබිනට්ටුව බහුතර බලය පෙන්නීමට අසමත් වීමේ අසරණකම පෙන්නුම් කරන අඩයාලමකි. ශ්‍රීලනිපයෙන් ගැලවී යයි කියා සැක සහිත මෛත්‍රී පාර්ශ්වයේ අයටත්, එජාපයෙන් ගැලවී එන ඕනෑම කෙනෙකුටත් ලෝභ නැතුව ඇමතිකම් දී තිබේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය අය අතරින් විජේදාස රාජපක්ෂට හැර සෙසු අයට එතරම් වැදගත් අමාත්‍යාංශ ලැබී නැත. මහින්ද මුදල්… Read More

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?

මහින්ද රාජපක්ෂ මේ රටේ ජනප්‍රිය දේශපාලන නායකයකු බව අප පිළිගන්නවා. අප ඔහුගේ ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කළත්, මේ රටේ ජනතාව ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ඔහු රාජ්‍ය නායකත්වයට පත් කරනවා නම් අප හිස නමා එම තීරණය පිළිගන්නවා. ඒත්, කූට, වංචනික, ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, කුමන්ත්‍රණකාරී ක්‍රියාවලින් බලය ඇල්ලීම විලි ලැජ්ජා නැති සාපරාධී ක්‍රියාවක්. ජනාධිපති… Read More

Mahinda Rajapaksa

ගල උඩ සටනේ තත්වය: රාජපක්ෂ පවුල තවම ජයගෙන නැත. 

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් රාජපක්ෂ පවුල මේ වන විට බරපතල ගැටලුවකට මුහුණ දී සිටියි. ඒ වනාහි අන් යමක් නොව, සරළ බහුතරය වන මන්ත්‍රීන් 113දෙනෙකුගේ සහයෝගය තමන්ට ඇති බව පෙන්වීමට ඔවුන් අසමත් වීමයි. රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණීම ගැන මේ වන විට වැඩියෙන් ම උදම් අනමින් සිටින්නේ විදර්ශන කන්නන්ගර… Read More

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය අද ය; මෙතන ය

රාජපක්ෂ පවුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව සිදු කර තිබෙන බව පෙනෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සාධාරණ අභියෝගයක් කර තිබේ. එනම්, පාර්ලිමේන්තුව වහා කැඳවා බහුතර බලය පෙන්වන ලෙසයි. මෙය වර්තමාන ගැටලුව විසඳාගැනීමට තිබෙන හොඳම මාර්ගයයි. රාජපක්ෂ පවුලට පාර්ලිමේන්තු බහුතරය හෝ පෙන්වා බලය තහවුරු කරගැනීමට හැකි නම්,… Read More

සිරා ගැටයක් ද? දිරච්ච ලණුවක් ද? රනිල් ද? මහින්ද ද?

රාජපක්ෂ පවුල බලය ගන්නට තීරණය කර තිබේ. පවුලේ යම් යම් ගැටලු තිබුණත් ඒවා නිරාකරණය කරගෙන සුපුරුදු අයුරින් පාලනය ගෙන යන්නට ඔවුන් අරමුණු කර ඇති බව පෙනේ. මෙය වනාහි රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇති මොහොතකි. එම අර්බුදයට මූලික හේතු වන්නේ ඇමරිකානු ජාතිකවාදී ප්‍රතිපත්ති නිසා ඩොලරය ශක්තිමත් වීම, ආනයන වැඩි වීම… Read More

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *