අලුත්ම තත්වය: කවුද යන්නෙ? කවුද එන්නෙ?

සජිත් ප්‍රේමදාස

බලය තහවුරු කරගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, කැඩී යාමට ඉඩ තිබෙන දුමින්ද දිසානායක වැනි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සමග සාකච්ඡා බැසිල් ආරම්භ කර තිබේ. ඒ අතර, ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටියි. ඔවුන්ට වඩාත් දුෂ්කර වී තිබෙන්නේ එයයි.

ඇල්ලේ ගුණවංශ හිමි වැනි බොල් චරිත දමා ජාත්‍යන්තර ප්‍ර‍ජාවට බැන වැදුණත්, අමතක නොකළ යුතු කරුණක් වන්නේ ලංකාවේ ආර්ථිකය රඳා පවතින්නේ විදේශ රටවලට කරන අපනයන, විදේශ රැකියා සහ ණය මත බවයි.

රාජපක්ෂ පවුල් පාලනය වැඩි සම්බන්ධයක් තිබෙන්නේ චීනය සමගයි. එහෙත්, චීනය ලංකාවට විශාල වශයෙන් පොළියට ණය දුන්, විශාල වශයෙන් අපනයනය කරන, ලංකාවෙන් අති විශාල ලාභයක් ලබන රටක් විනා එය අපගේ අපනයන මිළ දී ගන්නා රටක් හෝ නොවේ.

ලංකාවේ අපනයන වැඩියෙන් මිළ දී ගන්නා රටවල් වන්නේ යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ය. ආර්ථික ව්‍යූහාත්මක වෙනස්කම් හා සම්බන්ධ කරමින් වුව ලංකාවට අඩු පොළියට ණය දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධානයි. ඒ රටවලින් හා ජාත්‍යන්තර සංවිධානවලින් ලංකාවට වැඩි බලපෑමක් එල්ල වන්නේ ඒ නිසා ය. ඇල්ලේ ගුණවංශලා ජාතිවාදී ලොකු ටෝක් දැම්මාට ලංකාවේ ඇඟලුම් කම්හල්වල මහන්නේ සිවුරු නොව, ඇමරිකාවට, යුරෝපයට යවන නිමි ඇඳුම් ය. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලංකාවට ලබා දුන්නේ රට තුළ ප්‍ර‍ජාතාන්ත්‍රික තත්වයන් සැලකිල්ලට ගෙනයි. කයිවාරු ගහන්නට කාටත් පුළුවන. එහෙත්, මේවා නැති වුණොත් කාලා හමාර ය. ඒ රටවලට අපට බලපෑම් කරන්නට පුළුවන් ඒ නිසා ය. වර්තමාන ලෝකය යනු තමන්ගේ වත්තේ වවාගෙන කා පාඩුවේ ජීවත් වෙන්නට පුළුවන් තැනක් නොවේ.

ඉන්ධන මිළ සූත්‍ර‍ය අහෝසි කරන බව කිව්වාට එවැනි මිළ සූත්‍රයක් ගෙන එන්නට හේතු වූ කරුණු අහෝසි වී නැත. එය ගෙන ආවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ව්‍යූහාත්මක ගැලපුම් කොන්දේසියක් ලෙසයි. එම කොන්දේසිවලට අනුගත නොවුණොත් ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අඩු පොළී ණය ලැබෙන්නේ නැත. විවෘත ණය වෙළඳපොළෙන් අඩු පොළියට ණය ගත හැකි තත්වයක් ලංකාවට නැත. හේතුව ආපසු ගෙවීමේ සහතිකය පැත්තෙන් ලංකාවට හොඳ තත්වයක් නැති නිසා ය. ලංකාවට දෙන ණය ආපසු නොලැබීමේ අවදානම වැඩි නිසා පොළිය ඉහළ ය.

ලංකාවේ භාණ්ඩාගාරය දිවවීම ලේසි පහසු වැඩක් නොවේ. දේශීය හා විදේශීය ණය ගෙවීමටත්, දේශපාලකයන් හා රජයේ සේවකයන්ට ගෙවීමටත්, රජය නඩත්තු කිරීමටත් දෛනිකව මුදල් සෙවිය යුතු ය. රටේ ආර්ථිකය ගත්තත්, අපනයන මෙන් දෙගුණයක් ආනයන කරන තත්වයක තිබෙන ආර්ථිකය පාලනය කිරීම ලේසි නැත.

ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් තිබෙන පළමු විසඳුම වන්න රජය දුෂ්ට සුරංගනාවගේ භූමිකාවෙන් හෙවත් දූෂණය හා සහනාධාර යන දෙක දෑතින් දරා සිටීමේ භූමිකාවෙන් මිදී වඩා විනිවිද පෙනෙනසුළු රාජ්‍ය පාලනයක් කරගෙන යාමයි. සරලව කිවහොත්, බදු ආදායම් හා මහජන සේවා මුවාවෙන් කරන රාජ්‍ය වියදම් පිළිබඳ රටේ ජනයා දැනුවත් විය යුතු ය. එසේම, ඔවුන් ද ඒ සම්බන්ධයෙන් වග විය යුතු ය. දේශපාලකයන් කටයුතු කළ යුත්තේ හුදෙක් මහජන නියෝජිතයන් ලෙස පමණි. රට සංවර්ධනය සඳහා පදනම දමා ගත හැක්කේ ඒ ඔස්සේ ය.

ආර්ථිකය සම්බන්ධයෙන් රනිල්ට වෙනස් කිසිදු වැඩපිළිවෙලක් මහින්දට නැත. දැන් ණය අරගෙන හොල්මන් නගර හැදිය හැකි පරණ සෙල්ලම ඒ විදියට ම කරන්නට ද බැරි ය. දැන් කරන්නට තිබෙන ප්‍ර‍ධාන ම දෙය නම් බදු අය කිරීම හා ණය ගෙවීම ය. ඒ නිසා එය රනිල් කළත්, මහින්ද කළත් මහ ලොකු වෙනසක් නැත. මහින්ද රනිල් කරන දේම වඩා සංදර්ශනාත්මකව කර මහජනතාව වඩා දක්ෂ ලෙස රවටනු ඇත. අනෙක් පැත්තෙන්, මේ බල පොරයෙන් පසුව රනිල් ආවත්, මහින්ද ආවත් ඉස්සර සෙල්ලම් ජනතාවට කරන්නට බැරි වනු ඇත. තනි එක්සත් ජාතික පක්ෂ පාලනයක් බිහි වුවත්, මහින්ද නැවත බලය තහවුරු කරගත්තත්, එය මර්දනකාරී එකක් නොවනු ඇතැයි අපට නම් සහතිකයක් දීමට බැරි ය.

බලය ලබා ගන්නේ කවරෙකු වුවත්, ස්ථාවරභාවයක් මේ රටේ ඇති කිරීමට එම පාලකයාට බල කෙරෙන්නේ වෙනත් කිසිවකින් නොව ආර්ථිකයෙනි. පසුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක් තුළ පැවති ප්‍ර‍ජාතාන්ත්‍රික වටපිටාව සොඳුරු ඉතිහාසයක් පමණක් වනු ඇති බව නියත ය. රටේ ව්‍යවස්ථාව අනුව, 2020 මුල් කාර්තුව දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලේසි නැත.

මේ බල පොරයෙන් යම් සාධනීය ප්‍ර‍තිඵලයක් ලබා ගන්නට නම්, මේ මොහොතේ ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වන ආකාරය වැදගත් ය. රනිල් සහ මහින්ද පමණක් ක්‍රියාත්මක වන්නේ නම් එතනදී කතා කරනු ඇත්තේ මුදල් පමණි. මේ වන විට මන්ත්‍රීවරුන් මිළ දී ගැනීම සඳහා මහින්දලා දැවැන්ත මිළ ගණන් ඉදිරිපත් කරන බවට ආරංචි පැතිරේ. පාර්ලිමේන්තුව නොවැම්බර් 5දා යළි කැඳවන බව ඇත්ත ජනාධිපති වන මහින්ද රාජපක්ෂ පවසා තිබේ. පඹ ජනාධිපති හෙට අනිද්දා නිවේදනය අත්සන් කරනු ඇත. නැකත මහින්දගේ ය. කෙසේ වෙතත්, නැකත ඉදිරියට ගන්නට වුණේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය වෙනුවෙන් සටන් කළ ජනතාව නිසා ය.

දැන් ඉතින් මාතෘකාවට පිවිසෙමු. කවුද යන්නෙ? කවුද එන්නෙ? ඇත්තෙන් ම මම නම් කිසිවක් දන්නේ නැත. මට නම් එකෙකුවත් ෂුවර් ද නැත.

මේ ලිපිත් කියවන්න:

බල පෙරළිය හා පශ්චාත් සුනාමි උපකාරක මනෝ සංකීර්ණය

ඔබ 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත් කරන්නට උදව් කළ අයෙකු වන්නට පුළුවන්. එහෙම නැතිනම් ඔබේ මිතුරු මිතුරියන්, ඥාතීන් හෝ වෙනත් සමීප අය එසේ කරන්නට ඇති. ඒ වෙලාවේ ආණ්ඩු පෙරළියත් එක්ක ඔවුන් සතුටට පත්වෙන ආකාරය දැක ඔබ දුක්වන්නට ඇති. එහෙම නැතිනම්, මේ බල පෙරළියත් එක්ක ඔබ දුකට පත්… Read More

මහින්දගේ කැබිනට්ටුව අර්බුදයේ හා අසරණකමේ කැඩපතකි

මහින්දගේ කැබිනට්ටුව බහුතර බලය පෙන්නීමට අසමත් වීමේ අසරණකම පෙන්නුම් කරන අඩයාලමකි. ශ්‍රීලනිපයෙන් ගැලවී යයි කියා සැක සහිත මෛත්‍රී පාර්ශ්වයේ අයටත්, එජාපයෙන් ගැලවී එන ඕනෑම කෙනෙකුටත් ලෝභ නැතුව ඇමතිකම් දී තිබේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය අය අතරින් විජේදාස රාජපක්ෂට හැර සෙසු අයට එතරම් වැදගත් අමාත්‍යාංශ ලැබී නැත. මහින්ද මුදල්… Read More

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?

මහින්ද රාජපක්ෂ මේ රටේ ජනප්‍රිය දේශපාලන නායකයකු බව අප පිළිගන්නවා. අප ඔහුගේ ප්‍රතිපත්තිවලට එරෙහිව සටන් කළත්, මේ රටේ ජනතාව ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ඔහු රාජ්‍ය නායකත්වයට පත් කරනවා නම් අප හිස නමා එම තීරණය පිළිගන්නවා. ඒත්, කූට, වංචනික, ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, කුමන්ත්‍රණකාරී ක්‍රියාවලින් බලය ඇල්ලීම විලි ලැජ්ජා නැති සාපරාධී ක්‍රියාවක්. ජනාධිපති… Read More

Mahinda Rajapaksa

ගල උඩ සටනේ තත්වය: රාජපක්ෂ පවුල තවම ජයගෙන නැත. 

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් රාජපක්ෂ පවුල මේ වන විට බරපතල ගැටලුවකට මුහුණ දී සිටියි. ඒ වනාහි අන් යමක් නොව, සරළ බහුතරය වන මන්ත්‍රීන් 113දෙනෙකුගේ සහයෝගය තමන්ට ඇති බව පෙන්වීමට ඔවුන් අසමත් වීමයි. රාජපක්ෂ පවුල නැවත බලයට පැමිණීම ගැන මේ වන විට වැඩියෙන් ම උදම් අනමින් සිටින්නේ විදර්ශන කන්නන්ගර… Read More

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය අද ය; මෙතන ය

රාජපක්ෂ පවුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව සිදු කර තිබෙන බව පෙනෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සාධාරණ අභියෝගයක් කර තිබේ. එනම්, පාර්ලිමේන්තුව වහා කැඳවා බහුතර බලය පෙන්වන ලෙසයි. මෙය වර්තමාන ගැටලුව විසඳාගැනීමට තිබෙන හොඳම මාර්ගයයි. රාජපක්ෂ පවුලට පාර්ලිමේන්තු බහුතරය හෝ පෙන්වා බලය තහවුරු කරගැනීමට හැකි නම්,… Read More

සිරා ගැටයක් ද? දිරච්ච ලණුවක් ද? රනිල් ද? මහින්ද ද?

රාජපක්ෂ පවුල බලය ගන්නට තීරණය කර තිබේ. පවුලේ යම් යම් ගැටලු තිබුණත් ඒවා නිරාකරණය කරගෙන සුපුරුදු අයුරින් පාලනය ගෙන යන්නට ඔවුන් අරමුණු කර ඇති බව පෙනේ. මෙය වනාහි රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇති මොහොතකි. එම අර්බුදයට මූලික හේතු වන්නේ ඇමරිකානු ජාතිකවාදී ප්‍රතිපත්ති නිසා ඩොලරය ශක්තිමත් වීම, ආනයන වැඩි වීම… Read More

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *