කලවැල්ලාව පාලමේ කතාව

කලවැල්ලාව පාලම
බුලත්සිංහල අපගෙන් ඇරයුම් ලැබ මේ පාලම ඉදිකිරීම සඳහා දහදිය හෙලූ කම්කරුවෝ මෙය විවෘත කළ හ. 1976 අප්‍රේල් 12

ඡායාරූප හා සටහන බර්ටි රණවීරගේ විසිනි

කළු ගඟේ අත්තක් වන කුඩා ගඟ ගලන්නේ බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශය හරහාය 1976 ට පෙර අගලවත්තේ සිට කලවැල්ලාව හරහා බුලත්සිංහලට/හොරණට යන මගීන්ට කලවැල්ලාවේදී බසයෙන් බැසීමට සිදුවන්නේ කුඩාගඟ හරහා පාලමක් නොතිබුණු නිසාය.

ඔරුවකින් හෝ පාලම් පාරුවෙන් හෝ ගඟ තරණය කොට එගොඩහ නතර කර තිබෙන වෙනත් බසයක නැගීමට මගීන්ට සිදුවිය .

1970 මහ මැතිවරණයේදී බුලත්සිංහල ආසනය දිනුවේ සමසමාජ පක්ෂයේ අපේක්ෂකයෙකු වූ මංගල මුණසිංහ මහතාය. ඔහු මහත් අමාරුවෙන් මුදල් වෙන්කරවාගෙන කුඩා ගඟ හරහා අඩි 200 ක හමාරක දිග පාලමක් 1976 වන විට තැනවීමට සමත් විය.

කලවැල්ලාවේ පාලම නමින් ප්‍රසිද්ධ එම පාලම විවෘත කරන ලෙස මංගල මුණසිංහ මන්ත්‍රීවරයා පාලම තැනු කම්කරුවනට ආරාධනා කළේය.

පහත දැක්වෙන්නේ එම පාලම විවෘත කිරීම සිහිපත් වීම සඳහා ස්ථාපනය කරන ලද ඵලකයයි . එහි තමන්ගේ නම සඳහන් නොකිරීමට මංගල මුණසිංහ වග බලාගත්තේය

(පින්තුර මත ක්ලික් කළ විට පුවරුවේ සඳහන් විස්තරය පැහැදිලිව දැක ගත හැක ).

එහෙත් අද මෙවැන්නක් සිදුවුවහොත් ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා අඩු වශයෙන් නම් 10 ක් වත් සමරු ඵලකයේ කොටන බව මා කිව යුතුද?

අපේ සල්ලි වලින් පාලම්, බෝක්කු හදා උන්ගේ නම් කොටා ගන්නා යුගය ඇරඹුණේ ජේ .ආර්.ජයවර්ධන පාලන සමයේ සිටය.

කලවැල්ලාව පාලම
කලවැල්ලාව පාලම
Please follow and like us:

5 thoughts on “කලවැල්ලාව පාලමේ කතාව

  1. ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති
    ශ්‍රීමත් මොන්ටි ගොපල්ලව මැතිතුමාගේ අනුශාසකත්වය යටතේ
    ශ්‍රී ලංකාවේ අගමැතිනි සහ විදේශ ඇමතිනි
    ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ උපදෙස් පරිදි
    වාරිමාර්ග, මහාමාර්ග සහ විදුලිබල ඇමති සහ වැඩබලන අගමැති
    මෛත්‍රීපාල සේනානයක මැතිතුමන්ගේ ප්‍රතිපාදන යටතේ
    බුලත්සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල මුණසිංහ මැතිතුමන්ගේ අධීක්‍ෂණයෙන්
    නිම කරන ලද මෙම කලවැල්ලාව පාළම
    1967 අප්‍රියෙල් මස 12 වෙනිදා මෙසේ ජනතා අයිතියට පවරන ලදී!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *