කැබිනට් රැස්වීම වර්ජනය කළ ඇමතිවරුන් සේවය හැර ගියා සේ සලකන්න

රනිල් මෛත්‍රී
කලියුග කාලෙට උපන්න
නුවණක්කාරයො දෙන්නෙක්

කැබිනට්ටුව හෙවත් ඇමති මණ්ඩලය යනු මේ රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පමණක් දෙවන වන විධායක බලය සහිත ව්‍යූහයයි. විධායක ජනාධිපතිවරයාට පවා රාජ්‍ය පාලනය සඳහා ඇමති මණ්ඩලය අත්‍යවශ්‍ය ය.

එවැනි තැනක වර්ජන තිබිය නො හැකි ය.

රටේ වර්ජන සිදු නො වෙන තැන් තිබේ. උදාහරණයක් ලෙස ආරක්ෂක හමුදා හා පොලිසියේ වර්ජන නැත. මේ අංශ වර්ජනය කිරීම ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමකි. බරපතල විනය විරෝධී ක්‍රියාවකි. ආරක්ෂක හමුදා වර්ජකයන්ට එරෙහිව සේවයෙන් නෙරපා හැරීමට ද එහා ගිය දඬුවම් පනවනු ලැබේ.

එවන් පසුබිමකදී රටේ පාලනය සම්බන්ධ බලවත් ම ස්ථානයෙහි වර්ජන සිදු වීම පිළිගත හැකි තත්වයක් නොවේ. එවැනි වර්ජන තිබිය නො හැකි ය. එවැනි වර්ජනයක් කළා නම්, එම පිරිස සේවය හැර ගියා සේ සැලකීම සාධාරණ ය.

මේ වන විට මේ රටේ ජනාධිපතිවරයා ද එක්තරා විදියක වර්ජකයෙකි. කඩාකප්පල්කරුවෙකි. පසුගිය මාස දෙකක පමණ කාලයක් තුළ ඔහු විසින් කරමින් සිටි ප්‍රධාන කර්තව්‍යය රටේ දේශපාලනික අස්ථාවරත්වයක් ඇති කිරීමයි.

මෙම දේශපාලන අස්ථාවරත්වය රටට ඉතා නරක බලපෑමක් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත.

එහෙත්, මහජන මුදලින් නඩත්තු වන දේශපාලුවන් මෙම අර්බුදය විසඳා ගැනීමට සූදානම් බවක් නොපෙනේ. මෙම තත්වයට විශේෂයෙන් වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහු නායකත්වය දෙන ශ්‍රීලනිපයේ ඇතැම් පිරිස් ය.

මෙම තත්වය වහා වෙනස් කළ යුතු ය. විශ්වාස භංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරුන් පමණක් නොව, එය ඉදිරිපත් කිරීමට මූලිකත්වය ගත් ජනාධිපතිවරයා පවා තව දුරටත් තනතුරේ සිටීම ආචාර ධාර්මික නැත. එහෙත්, විලි ලැජ්ජාව නැතිකම හා මහජන මුදලින් වැටුප් වරප්‍රසාද ලබන්නට තිබෙන ලොල්කම ජනාධිපතිකමටත් වඩා ලොකු ය.

රට ගැන සිතා මේ මොහොතේ එජාපය පැත්තෙන් හෝ බුද්ධිමත් තීරණයක් ගත යුතුව තිබේ. ජනාධිපතිවරයා මේ සියලු අර්බුද හා දේශපාලන අස්ථාවරත්වයන් නිර්මානය කරන්නේ අගමැති ඉවත් කිරීමේ දුෂ්ට, ගුණමකු, පදනම් විරහිත උවමනාවකින් නම්, එජාපය රට ගැන සිතා යම් දැඩි තීරණයකට පැමිණිය යුතුව තිබේ.

Please follow and like us:

3 thoughts on “කැබිනට් රැස්වීම වර්ජනය කළ ඇමතිවරුන් සේවය හැර ගියා සේ සලකන්න

  1. Dan ara mokadda eka putuwata ahuwela anda_anda picture baluwawage tax gewamin amaruwen ediri kalaya siteemata siduvee tha. Samaharawita chandeyak awoth me banku poli badu , telephone badu adu karai kayala balaporoththwemu.

  2. පේන විදිහට ඔයැයිටත් වැඩිකල් රස්සාව කරන්න බැරි වෙයි වගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *