කැලුම් ජයසුමනගේ යාන් එක ඇසුරෙන් රනිල් තේරුම් ගැනීම

කැලුම් ජයසුමනගේ යාන් එක
කැලුම් ජයසුමනගේ යාන් එක

මේ යාන් එක හෙවත් විහිළු කතාව ලිව්වෙ ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමනයි. ඔවුන්ගෙන් මෑතදී කැඩී ගිය මන්ත්‍රීවරයකු වුණ වීරකුමාර දිසානායක විශ්වාස භංගයේදී රනිල්ට විරුද්ධව ඡන්දය දීමට නො පැමිණියේ රනිල්ගෙන් මුදල් රැගෙන බව එම කතාවේ හරයයි.

මේ කතාව සම්බන්ධයෙන් අපට කෙටියෙන් කියන්නට තියෙන්නේ මෙසේ ය: මේ කතාව බොරු වෙන්නෙ මෙහෙමයි. රනිල් ඔහොම හරි තමන්ට උදව් කරන අයට සලකන කෙනෙකු නෙමෙයි. වීරකුමාර සමහරවිට රනිල්ගෙ නම පාවිච්චි කරලා ඉන්දියාවෙන් ඉල්ල ගන්න ඇති. ඒකට රනිල්ගෙ අවුලක් නැහැ. හැබැයි, අහු වුණොත් බේරගන්නෙත් නැහැ.

මං මේ කියන දෙයත් බැලූ බැල්මට විහිළුවක් වෙන්න පුළුවන්. හැබැයි, මං කියන්නෙ ඊට වඩා ගැඹුරු කතාවක්. රනිල් තේරුම් ගන්න කැලුම්ගේ යාන් එක වැදගත් වෙනවා.

රනිල් කියන දේශපාලන සංකේතය තුළ හොඳ වගේ ම නරකත් තියෙනවා. මහින්ද මේ රට පාලනය කරපු දශකයකට පස්සෙ රනිල් බලයට පැමිණියා ම රනිල්ගෙ ලක්ෂණ කැපී පෙනෙනවා.

රනිල් ළඟ දිගු කලක් සේවය කර රනිල් විසින් විශේෂ සැලකිල්ලක් නො කළ නිසා කලකිරීමෙන් යුතුව ඉවත් වූ ඔහුගේ ආරක්ෂක නිලධාරි සුදත් චන්ද්‍රසේකර රනිල්ට මෝඩ පහේ ලියුමක් යවනවා. පෞද්ගලික ලව් ලෙටර් එකක් වැනි වූ මේ ලියුමෙ තියෙන්නෙ ‘ඔයාට මං මෙච්චර කරලත්, ඔයා මට මොකුත් කළේ නැත්තෙ ඇයි සුදූ’ වගේ ටෝන් එකක්.

ඒ ලියුම ගැන උවිඳු කුරුකුලසූරිය මෙහෙම සටහනක් තබනවා. “මහින්දගෙ ආරක්‍ෂකය – නිකන්ම නිකන් සොල්දාදුව -ඔක්කොමල කාපාගෙන කැප්ටන් කෙනෙක් උනා, උන දවසට පහුවදා මහින්ද ඌට ඔක්කොමල ඉස්සරහ පුකට පයින් ගහල බලපන් මූට ගිය කල කිව්වලු. බක බක ගාල​ හිනා උනාලු. මහින්ද ඇවිල්ල ඒවගේ සරල මිනිහෙක්! දැන් තිස්ස බස් දුසිම් ගානාක්, ලොරි දුසිම් ගානක් අක්කර සිය ගානක් තියෙන ලොකු පෝසතෙක්. රනිල්ගෙ ආරක්‍ෂකය​, පොලිස් චීෆ් ඉන්ස්පෙක්ටර් දෙශපාලන පලි ගැනීමට ලක්වෙලා, විශ්‍රාම වැටුපවත් රනිල් තාම හදල දීල නැහැ. ඒක හදල දෙන්න කීවම​, සිරිකොතේ දේශපාලන පලිගැනීම් ගැන ක්‍රියාකරන අංශෙ හරහා විධිමත්ව යන්න කිව්වලු. මිනිහට ඉන්න ගෙයක් නැහැ, වාහනයක් නැහැ. 95දි රනිල් රුපියල් ලක්‍ෂයක් දුන්නලු, දුවව පුද්ගලික ඉස්කෝලෙකට දාල දුන්නලු, එච්චරයි කරල තියෙන්නෙ. එයාගෙ දුක් ගැනවිල්ල කියෙව්වම හිතෙන්නෙ කලින්ම ඔය තීන්දුව ගත්තනම් මහින්ද කාලෙදි – නිකන් කොස්තාපල් කෙනෙක් නෙමෙයි සීඅයි කෙනෙක් වෙලා හිටිය නිසා – සුදත්ට ​පොලිස්පති හරි වෙන්න තිබ්බ කියන එක​. කැප්ටන් තිස්සවගේ හරි වෙන්න තිබ්බ​.”

හැබැයි, සුදත් චන්ද්‍රසේකරල වගේ නො වන, රනිල් වටේ ඒකරාශි වෙලා ඉන්න මලික් සමරවික්‍රමලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා වගේ එවුන් දන්නවා ගේම ගහන හැටි. ඒව සිදු වෙන්නෙ රනිල් හරහා නෙමෙයි. හැබැයි රනිල් අවුලක් නැහැ වගේ ඉන්නවා. කේස් එක ඇදුණත් රනිල් බේර ගන්නට ඉදිරිපත් වෙන්නෙ සීමාවක් ඇතුව. ඕනෑවට වඩා ඇඟට ගන්නෙ නැහැ. එතනින් එහාට තමන්ට ම තමයි අවුල ලිහා ගන්න වෙන්නෙ. පේන්නෙ නැද්ද, අර්ජුන් ඇලෝසියස් හොරි කස කසා රිමාන්ඩ් එකේ ලැගලා ඉන්න හැටි.

රනිල් මහජනයා අතර ජනප්‍රිය නො වන්නට ප්‍රධාන හේතුව ඒක. රනිල්ගෙන් කාටවත් පෞද්ගලිකව මොකවත් ලැබෙන්නෙ නැහැ. මහින්ද එහෙම නෙමෙයි, මහින්ද හා රාජපක්ෂ පවුල තමන් හොරා කනවා විතරක් නෙමෙයි, හොරා කන වෙන එවුන්ටත් අත දිගෑරලා කන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි, හොරා කාල අහු වුණොත් බේරලත් දෙනවා.

මේ රටේ මහජනයා කියන්නෙත් සාමාන්‍යයෙන් පල් හොරුන් රෑනක් නිසා ඒ හොරුන්ට ගැලපෙන නායක හොරා තමයි මහින්ද.

අපි ඔය පාරිශුද්ධ දියසේනලා රටට නායකත්වය දෙන්නට එනකල් බලා ඉන්න අය නො වෙයි නේ. අපි රට, සමාජය වෙනස් කරන්නට හදන්නෙ මේ ඉන්න එවුන්ගෙන් ම තමයි.

එතනදි රනිල් කියන්නෙ සීයට සීයක් හොඳ නායකයකු නො වුණත්, රාජපක්ෂලාට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක්.

රනිල් සීයට සීයක් අප හිතන විියට දේශපාලනය නො කළාට, රනිල් අප හිතන විදියට වඩා කිට්ටුයි. දේශපාලනය කියන්නේ වෘත්තියක්. එය රජයේ ප්‍රධාන වෘත්තියක් වීමත්, රටට නීති හා ප්‍රතිපත්ති හදන පිරිස දේශපාලකයන් වීමත්, දේශපාලනයේ තිබෙන අවදානම නිසාත්, දේශපාලකයන්ට ඉහළ වැටුපක්, වරප්‍රසාද දෙන එක වරදක් නැහැ. හැබැයි, ඒවායේ සීමාවක් තියෙන්නට ඕනැ. දේශපාලනය කියන්නේ මහජන මුදල් වංචා කර ධනවත් වන්නට පහසු මාර්ගයක් නො විය යුතුයි.

මහින්ද හොරකම ඉතා ම සාමාන්‍ය දෙයක් බවට පත් කළා විතරක් නෙමෙයි, හොරුන් වීරයන් බවටත් පත් කළා. රනිල් හොරකම සීමා කර තිබෙනවා. දැන් හොරුන්ට වීරයන් වන්නට පුළුවන් පසුබිමක් දේශපාලනයේ නැහැ. එපමණක් නෙමෙයි, රනිල් විසින් ම පත් කළ අර්ජුන් මහේන්ද්‍රන් වැනි අය විසින් කරන ලද වංචා පිළිබඳ විමර්ශනත් දැන් සිදු වෙනවා.

රනිල් හිතාගෙන ඉන්නෙ තමන් සහෝදර දේශපාලන ක්‍රියාකාරිකයන්ට, පක්ෂ සාමාජිකයන්ට, හිතවතුන්ට හා ජනතාවට අමුතුවෙන් කිසිවක් කළ යුතු නැහැ, ඔවුන්ගේ වගකීම රනිල්ව නායකත්වයේ තබා ගැනීම ය කියා වෙන්නට පුළුවන්. මහින්ද වගේ මහජන මුදලින් යක්කුන්ට දොළ පිදේනි දෙනවට වඩා ඒක හොඳයි.

හැබැයි රනිල්, ඔයාව අපි රැක ගත්තෙ වැඩ කරන්නට මිසක් ඉතුරු අවුරුදු දෙකත් නිකම් ම ගත කරන්නට නෙමෙයි කියන එක මතක තියා ගන්න.

ඔබ රැක ගත් ජනතාවට මොකවත් නො කළාට කමක් නැහැ. රටට යමක් කරන්න.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *