වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ කතිකාවක් ඉරිදා මතුගමදී

දිනය: 2018 මාර්තු 11දා ඉරිදා

වේලාව: පෙ.ව. 9.30ට

ස්ථානය: මතුගම අගලවත්ත පාරේ මාකස්වත්ත හන්දිය අසල පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ කාර්යාලයේදී

කථිකයෝ: ආචාර්ය

  • ජයම්පති වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී
  • නීතිඥ ලාල් විජේනායක
  • අජිත් පැරකුම් ජයසිංහ

ඇතුළු පිරිසක්

මෙම හමුව පිළිබඳ එහි සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතා පළ කළ අදහස පහත දැක්වේ.

Keerthi Kariyawasam2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය දෙස බලන විට ජනතාව ආණ්ඩුවට මෙන් ම සමස්ත දේශපාලනයටමත් පණිවුඩයක් දී ඇති බව පෙනෙනවා. ස්ථාවර ජන පදනමක් කාටවත් ලබා දී නැති බවයි පෙනෙන්නේ. මෙම තත්වය දේශපාලන අර්බුදයකට හේතු විය හැකියි.

ශ්‍රී ලංකාව බොහෝ විට දශක දෙකක ගත වන විට මහා ලේ වැගිරීමක් දකින පසුබිමකයි තිබුණේ. එවැන්නක් නැවත ඇති වීමට තිබුණු හැකියාවක් 2015 ජනවාරි 8දා සිදු වුණ සමාජ වෙනසත් සමග එය වැළැක්වුණ මුත්, එයට මූලික වූ මහජන මහජන සංවිධාන හා ජනතාව බලාපොරෙත්තු වූ දේ ඉටු වූවා ද යන්න ගැටලුවක්. 

ඉතින් මෙම පසුබිම තුළ අපි බලාපොරොත්තු සුන් වූ ජනතාවක් සේ බලා සිටිනවා ද? නැතිනම් රට යහපත් දිශානතියකට යොමු කිරීමට අවශ්‍ය වෙහෙසකර වෑයමට උර දෙනවා ද?

මෙම සංවාද සභාව පිළිබඳ විස්තර සඳහා විමසන්න: පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් දුරකථන අංකය 077 3028609

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *