ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

gotabhayaගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ව්‍යාපාරයක් දියත් වී තිබේ. ‘වියත් මග’ එහි ප්‍ර‍මුඛ ක්‍රියාමාර්ගයකි. එහි කිසියම් රැස්වීමක් ෂැංග්‍රිලා හෝටලයේ තිබුණා ය කියා ලංකාවට ඒකාධිපතියකු ආවොත් මාර ආතල් එකක් ලැබේ ය කියා සිතන අය උෂාර් වී සිටින අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත් ලංකාව මිනී කනත්තක් වේ යයි සිතෙන අයට අධික බිය ඇති වී ගුද මාර්ගය හීන් වී ඇත.

ජනාධිපති ධුරයට තරග කිරීමට ගෝඨාභය රාජපක්ෂ පළමුව එක්සත් ජනපදයේ කැමැත්ත ලබා ගත යුතු ය. සිය එක්සත් ජනපද පුරවැසිභාවය ඉල්ලා අස් කර ගත යුතු ය. එය පිළිගත යුත්තේ එක්සත් ජනපදය විසිනි. ගෝඨාභය රාජපක්ෂ යනු යුද අපරාධ සම්බන්ධයෙන් නම සඳහන් වී ඇති අයෙකු නිසා ඔහුට මෙය පහසු නැත.

සරලව කියනවා නම් ලංකාවේ ජනාධිපති වන්නට නම් ගෝඨා ඇමරිකාවේ උවමනා එපාකම්වලට අනුව වැඩ කරන පුද්ගලයකු බවට පැහැදීමක් ඇති කරගෙන එක්සත් ජනපද දේශපාලනාධිකාරයෙන් අවසර ගත යුතු ය. ගෝඨා ජනාධිපතිවරණයට එනවා නම් අනිවාර්යයෙන් ම ඒ පසුපස එක්සත් ජනපදය සිටිය හැකි බව සකල දේශප්‍රේමීන් අවබෝධ කර ගත යුතු ය.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂට මේ මොහොතේ නම් ජනාධිපතිකමටත් වඩා වැදගත් වන්නේ කුප්‍රකට මිග් ගනුදෙනුව, ඇවන්ට්ගාඩ් වැනි අති දූෂිත හොර ජාවාරම් හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සිට සිය ගණනක් ඝාතන, අතුරුදහන් කිරීම්, පැහැර ගැනීම් සම්බන්ධයෙන් ඇති චෝදනාවලින් ගැලවීමයි. ඒ හා සම්බන්ධ පරීක්ෂණවලදී නිලධාරීන් බියට පත් කර, පක්ෂපාතී තීන්දු ලබා ගැනීමේ උවමනාව වෙනුවෙන් මෙවැනි සංදර්ශන ඉතා වැදගත් ය. ගෝඨාභය බලයට එන බව හා එසේ පැමිණි විට ඔහුට එරෙහිව කටයුතු කරන නිලධාරීන්ට පරිප්පු කන්නට වෙන බව නැවත නැවත මතක් කිරීමට මෙම වැඩසටහන් ඉවහල් වේ.

ඒ අතරවාරයේ ලංකාවේ සරලමතික දේශපාලන ගොන්පාට්කාරයන්ට ඒකාධිපතියෙකු ආවොත් ලංකාවට අම්මට සිරි වෙනු ඇත යන සිය ගතානුගතික මෝඩ චූන් එක ටුයිං ටුයිං කර ගන්නට ද මෙය උපකාර වේ.

ලංකාව ඒකාධිපතියන් නොහිටපු රටක් නොවේ. සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වැනි අය එක එක මට්ටම්වලින් ඒකාධිපතිවාදය භාවිතා කළ හ. මේ අය විසින් තරුණ ජීවිත දහස් ගණන් බිලි ගත් බව නම් ඇත්ත ය. එහෙත්, රටට කරපු සංවර්ධනයක් නම් නැත. ඇතැමෙක් සිය පවුල් නම් පරම්පරා හතකට ගොඩ දමා ගත් හ.

ගෝඨාභය රාජපක්ෂ යනු ඉහත නම් සඳහන් කරන ලද සියලු දේශපාලකයන්ට වඩා පසුපසින් සිටින්නෙකි. ඔහු සිය සොයුරාගේ දේශපාලන කෞශල්‍යය තුළ පූර්ණ බලැති නිලධාරියකු ලෙස යුද්ධයේදී හා පශ්චාත් යුද සමයේ නගර අලංකරණය වැනි කාරණාවලදී යම් දස්කම් දැක්වූ බව අපි පිළි ගනිමු.

ගෝඨාභය රාජපක්ෂ පසුපස කාල් ගාන අය ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ දේශපාලනයක් ද යන්න අපි නො දනිමු. අප දන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් හති වැටී ඇති බව පමණි. රට සංවර්ධනය කරන්නට බැරි වන්නට ප්‍රධාන හේතුව ප්‍රජාතාන්ත්‍රික නිදහස යයි සිතන අය ගෝඨාභයගෙන් බලාපොරොත්තු වන්නේ ඒකාධිපතිවාදී දැඩි පාලනයකි. ගෝඨාගෙන් විනය බලාපොරොත්තු වන අය නීතියේ පාලනය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, දූෂණය නැති කිරීම, පවුල්වාදය වැනි දේ ගැන ඔවුන්ගේ අදහස් ඍජුව ප්‍රකාශ කළ යුතු ය.

කුමන අඩුපාඩු තිබුණත් වත්මන් රජය විසින් රාජපක්ෂ යුගයේ තිබුණු මර්දනය නැති කරන ලදී. වාමාංශික මුග්ධයන් හැරුණු කොට වත්මන් රජය මර්දනයක නියැලෙනවා ය කියන ඒ මට්ටමේ පල් මෝඩයන් කිසිවෙකු මේ රටේ නැත. බොහෝ අයට තිබෙන චෝදනාව වන්නේ දැක්කාම එළුවාත් රැවුල පාන නිවට කරණවෑමියාගේ තත්වයට මේ ආණ්ඩුව පත් වී ඇති බව ය. කුමන ගැටලු තිබුණත්, මේ රජය දේශපාලන හේතූන් මත රාජ්‍යය මිනිස් ඝාතන කිරීම, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් නැති කළේ ය. අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය සාපේක්ෂ වශයෙන් ස්වාධීන කළේ ය.

විසුළුසහගත තත්වය වන්නේ ලබා දුන් ප්‍රජාතාන්ත්‍රික වටපිටාව හා නිදහස අපහරණය කරන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වැනි ත්‍රස්ත ස්වරූපී සංවිධාන පවා ගෝඨාභය බලයට ගෙන ඒමට වැඩ කිරීමයි.

මේ රට සංවර්ධනය කරන්නට නම් දේශපාලන හා සමාජ ස්ථාවරත්වය අවශ්‍ය ය. නිරතුරුව ම එය බිඳ දමමින් ගැටුම් අවුළුවන, කඩාකප්පල්කාරී බලවේග දෙකක් තිබේ. එකක්, වාර්ගික ගැටුම් ඇති කරන අන්තවාදී බෞද්ධ භික්ෂු බලවේගයයි. අනෙක, දොස්තර සංගමයේ සිට අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය දක්වා වන වාමාංශික වෘත්තීය සමිති බලවේගයයි.

ගෝඨා ඇත්තට ම රට සංවර්ධනය කරන්නට එනවා නම් ඔහුට මුලින් ම මුහුණ දෙන්නට සිදු වන්නේ මෙම බලවේග දෙකට ය. පාරේ කුණු දාන, තැන තැන කෙළ ගහන, රජයේ දේපල සුළු පරිමාණෙන් සොරකම් කරන, කුඩු කසිප්පු විකුණන ලාංකික මෝඩ පීඩිත පන්තිය එන්නේ ඊළඟට ය.

මොන බයිලා ගැහුවත්, දැනට මේ රටේ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙල හැර වෙන විකල්පයක් ගෝඨාටත් නැත. ඒ නිසා ගෝඨා එනවා ය කියා අපට නම් බය වෙන්නට දෙයක් නැත. පිස්සන් කලබල වුණාට වෙදුන් කලබල විය යුතු නැත. අප ගෝඨා එන එක වැළැක්විය යුතු ය. ඒ මේ රට පිලිපීනය වැනි ඒකාධිපති උම්මත්තකයකුගේ මළ විකාරයක් වන එක වළක්වා ගන්නට ය. ගෝඨා ආවත් අප නම් බය නැත. එයාටත්, එයා වටේ නළියන කුණු පණුවන්ටත් ඕනෑ හැටියට නටන්නට බැරි විදියට මේ සිස්ටම් එක ශක්තිමත් කළ යුතු ය.

ගෝඨාභය එනවා නම් එන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, එක්සත් ජාතික පක්ෂයේ මරි වැඩ නිසා ය. මේවා වළක්වන්නට කිසිවක් කිරීමේ හැකියාව ඊනියා වාමාංශික අන්තවාදීන්ට නම් නැත. 2015 ජනවාරි 8 වෙනස සිදු කරන්නට දායක නොවී, අනියමින් රාජපක්ෂලාට කඩේ ගිය මේ බලු කුක්කන් දැන් ගෝඨාභයට බය වී වලිග දෙපරැන්දේ ගසාගෙන, චූ පෙරමින් කරන කෙඳිරිගෑම්වල නම් ඇත්තේ ඉල ඇදෙන විහිළුවක් පමණි. උන්ට නම් ගෝඨාභය ම සරණ ය.

Please follow and like us:

11 thoughts on “ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය

  1. //ගෝඨා ආවත් අප නම් බය නැත. එයාටත්, එයා වටේ නළියන කුණු පණුවන්ටත් ඕනෑ හැටියට නටන්නට බැරි විදියට මේ සිස්ටම් එක ශක්තිමත් කළ යුතු ය//
    ගෝඨා ආවා කියා බ්ලොග් එකක් ලියන පැරා ට බියවීමට හේතුවක් තිබේයැයි නොසිතේ

    1. බ්ලොග් එකක්වත් නොලිව්ව එක්නැලිගොඩට ඒ වාසනාව තිබුණෙ නැහැ.

  2. මිනි නොමැරු ගමරලා පන්නා මිනීමැරීමට කප් ගැසූ අයෙකු ගෙන්නා ගන්නට දඟලන බුරුවන් සහ පොලොඟුන් සිටින රටක ඉන්නවාට වඩා අපායේ කාමරයක් කුලියට ගැනීම හොඳය

  3. පැරා, ගෝටා ආවොත් ජනපතිකමට ලංකාවේ මෝර මාලු ඉල්ලුම අඩුවෙයිද වැඩිවෙයිද?

  4. පැරා,

    මම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සරල ක්‍රමයක් ලබාදේනම්, ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
    සියලුම රාජ්‍ය ආයතන වල CCTV සවිකර රජයේ නිලදාරීන් වැඩකරන ආකාරය පටිගත කරන්න ඉන්පසු මාස කීපයක් මෙසේ පටිගත තොරතුරු
    ආරක්ෂා කාරී ලෙස ගබඩා කර, අලුත් පනතක් ගෙන එන්න වැඩ නොකරන නිලදාරීන් ඉවත් කිරීමට.

    මේ CCTV තොරතුරු වලින් පුළුවන් නිලදාරීන් කාලය කාදමන්නේ කෙසේද කියල පරික්ෂා කිරීමට, මෙය හදුන්වා දුන් වහාම බොහෝදෙනා කාර්යක්ෂම වෙයි එහෙම නොවන අය ගැන විනය තීරණ ගත් වහාම ඉවත්කළ හැකි වෙයි

  5. මෙහෙම ආණ්ඩුවකට වඩා එහෙම කෙනෙක් ඉන්න එකේ වාසියක් තියෙනවා
    එකක් අපේ මිනිස්සුන්ට ඕන රජෙක්
    කෙලින් තීරන ගන්න ඒ තීරණ හරි හෝ වැරදි ක්‍රියාත්මක කරන කෙනෙක්
    අනික.එහෙම කාලයක් හිටියම මිනිස්සුන්ට අවබෝධ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක වටිනාකම
    තාම අපේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ වටිනාකම තේරෙන්නෙ නෑ, මොකද 2015 පෙරළිය වෙනකොට වුනත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමේ තර්ජනයක් විතරයි තිබ්බේ. ප්‍රජාතන්ත්‍රවාදය නැති වීමේ දුක විඳලා තිබ්බේ නෑ.
    ඒක තේරෙන්න අරින්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කලිං
    මේ වෙලාවෙ ලංකාවට හොඳම පාලකයා ගෝඨා හැම අතින්ම
    1. මිනිස්සු බලාපොරොත්තු වෙන පාලනයක් වෙනුවෙන්
    2. ඒක ඊලඟ පරම්පරාවෙ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් කරන ආයෝජනයක් වීම

    කාම්බෝජෙට නිදහස ඕන වුනේ පොල්පොට් අවුරුදු පහලොවක් විස්සක් හිටියට පස්සෙ
    පිලිපීනෙ මිනිස්සුන්ට නිදහස ඕන වුනේ මාකෝස් අවුරුදු පහලොවක් විස්සක් හිටියට පස්සෙ,
    සිම්බාබ්වෙ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හෙව්වෙ රොබට් මුගාබේ අවුරුදු පහලොවක් විස්සක් හිටියට පස්සෙ,
    දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හෙව්වෙ ජැකොබ් සූමා අවුරුදු පහලොවක් විස්සක් හිටියට පස්සෙ.
    ඉතිහාසෙන් පාඩම් ඉගෙනගන්නෙ නැති මිනිස්සු පාඩම් ඉගෙනගන්නෙ අමිහිරි අත්දැකීම් වලින් කියන්වනෙ.

  6. If Gota is no good. who do we have? Lets see the ranking 1)Ranil 2) Sirisena 3) Basil raja 4)Premadasa 5)Naveen Dissa 6)Mangala 7) Ravi Karuna 8) Champika Ranaw 9) Sarath Fonny 10) Anura Dissa.

  7. ඉවාන් පවුලූෂා,
    සයනයිඩ් කෑවොත් මැරෙනවාද කියලා පරීක්ෂා කර බලන්න අයකු සයනයිඩ් කෑ යුතුමද?
    ඒකාධිපතිවාදයේ තරම බලා ගන්න අපි ඒකාධිපතියකු පත් කරගත යුතුමද? ලංකා සමාජය කෙතරම් නම් මේ මරාන්තික අත්හදා බැලීම් සිදු කලාද…ජේ. ආර්. ගේ සිට මහින්ද දක්වා. අපිට තවත් ඉගෙන ගැනීමට දෙයක් ඉතිරිව ඇද්ද?

    පිලිපීනයේ සමාජ දුෂ්ඨත්වය කෙතරම් ඉහලට ගොස් තියෙනවාද කියනවානම් දුතාර්තේ ම පිලිගත්තා ඔහු ආන්ඩුකාරයෙක්ව සිටියදී මිනිසුන් මරාදැමූ බවට. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ ශරීරය බිමට වැටෙනතුරු ගෙලෙන් එල්ලා තැබිය යුතු බවට ඔහු යෝජනා කලේ ජනතා ඔල්වරසන් මධ්‍යයේ.! ප්‍රමිතිගත ජනතා අධිකරණයක් ලංකාවේ තිබුනා නම් ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ වැරදිකරු බවට ගෝටාබය රාජපක්ස පත් නොවන්නේද?

  8. //ගෝඨා ජනාධිපතිවරණයට එනවා නම් අනිවාර්යයෙන් ම ඒ පසුපස එක්සත් ජනපදය සිටිය හැකි බව සකල දේශප්‍රේමීන් අවබෝධ කර ගත යුතු ය.//

    මේවා කියලා වැඩක් තියෙනවද (මහරගමට බඩල්ගම මිනිස්සු පත්කරපු, චන්දෙ දීපු පක්ශයේ නමවත් හරියට නොදන්න වර්ගයේ) පොහොට්ටු කාරයින්ට? භයානක කම ඒකයි.

    – හීන් වෙච්ච කෙනෙක්

    1. 2020දී ගෝටා ජනපති කරවීමේ සැලැස්ම එක්සත් ජනපදය කෙසේ වෙතත් ඊට Zionists connection එකකුත් අනිවා ඩෙෆා අවශ්‍ය වෙයි. ඒ , නූතන geo politics වල Zionist සාධකය මග හැර යා නොහැකි නිසා.
      සියොන්වාදය ගැන ලංකාවේ මුලින්ම කතා බහක් ඇති කලේ නලින් ද සිල්වා. නමුත් ඔහුගේ කතා බහ සියොන්වාදයේ පැටියකු වන සිංහල බෞද්ධ ජාති(ක)වාදය දක්වාම පල්ලම් බැස්සා. ලංකාවේ දේශප්‍රේමීනට ලඟ එන චීන ආක්‍රමනය නොපෙනී ගියා. චම්පික ඇතුලු පටිසෝතගාමින් පටි පනුවෝ වෙලා ගියා. Zionism discourse එක අල්ලා ගත්තේ වලිගෙන්; එහි ඔලු හතේ සර්පයා ලංකාවට දෂ්ඨ කලා.
      ගෝටා වැනි ආගමික අන්තවාදීන්ගේ නායකයන්(connected to BBS) සම කල හැක්කේ Shiva Sena වල සහාය නොමඳව ලබන නරේන්ද්‍ර මෝදි , ඉරාන islamic ideology එකෙන් සහය ලබන හසන් රොහානි වැනි අයටයි.
      ඔවුන්ගේ පොදු ලක්ෂනයක් තමයි ජනතාවට කුමක් වුවත් Idelogy එකට සේවය කිරීම. නමුත් ගෝටා ඉන්නේ ඊටත් පහල.

      ⁣ලංකාවේ දේශපාලනය කියන්නේ නගර නිර්මානය වාගේ දෙයක් බවයි ඔහුගේ දේශපාලනයෙන් ඇස් ගිනිකන වුනු ලංකාවේ මෝඩයෝ හිතා ඉන්නේ.හා හොඳයි… මගේ අයියා නාහෙට නාහන ජනාධිපති නම් මට නොකල හැක්කේ කුමක්ද? චීනයෙන් සල්ලිත් දෙනවා නම්…

      දුතාර්තේ ව පත් කල පිලිපීනකාරයෝ අද ගල උඩ රී ගත්තා වාගේ , ගෝටාව පත් කර ගත්තොත් ඇමරිකාව ට්‍රම්පයාව පත් කර ගත්තාට වඩා ලොකු විනාශයක් අපිට වෙනවා. එසේ නොවෙි යැයි කිව හැකිද?

      ගෝටාගේ දේශපාලනයේ අංක එක තමයි තමා පසුපස හමා එන මිනිමරු චෝදනා , අයියා⁣ගේ පොඩි පොඩි shop lifting සහ ඔහුගේ ලමයින් තජුඩින්ට කල දඟ වැඩ වැනි දේවලින් සහ අනිකුත් කරදරවලින් ගැලවීමයි, ගලවා ගැනීමයි.

      අන්තිමට කියන්න තියෙන්නේ ගෝටාව පත් කර ගත්තොත් ලංකාවේ ගංජා ගහපු මෝඩයෝ..දැන් චීනෙනුත් නුවර පාර හදන්න ඩොලර් බිලියනයක ණයක් අනුමත වෙලා තියෙන මොහොතක පාරකුත් හැදෙයි..ගෝටාත් ගැලවෙයි..ලංකාවේ පරිපාලනය ජපුර පාර්ලිමේන්තුවෙන් 210, ගාලු පාර, කොළඹ 3 වාගේ පොඩි තැනකට මාරු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *