දිගන ඇවිළුන ගින්නට වගකිව යුත්තේ කවුරු ද?

දිගන
දිගාන මෙම සුන්දරත්වය අසුන්දර නො කරමු. ඡායාරූපය: Victoria Golf & Country Resort

මේ රටේ පොලිසියේ 75,000කට වැඩි පිරිස් බලයක් ඇත. ත්‍රිවිධ හමුදාවේ 250,000කට වැඩි පිරිසක් සිටිති. ඔවුන්ගේ රාජකාරිය ඍජුව ම නීතිය හා සාමය ආරක්ෂා කිරීම ය. හමුදා අණ දෙන නිලධාරීන් ද සිටිති.

ඊට අමතරව ග්‍රාමසේවා නිලධාරීන් 10,000කට වැඩි පිරිසක් ද, ප්‍රාදේශීය ලේකම්වරුන් 300කට වැඩි පිරිසක් ද සිටිති. ඔවුන්ට ද නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීමක් තිබේ.

අලුතෙන් තේරී පත් වූ පළාත් පාලන මන්ත්‍රීන් (තවම නිල වශයෙන් නම් කර නැතත්) ඇතුළුව දේශපාලකයෝ ද 10,000ක් පමණ සිටිති. ඔවුන් අනිවාර්යයෙන් ම නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු ය.

ජනාධිපති, නීතිය හා සාමය පිළිබඳ ඇමති, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ආදීහු ද සිටිති.

මේ සියලු දෙනාට මහජන මුදලින් වැටුප් ගෙවනු ලැබේ. ඊට අමතරව, අවි ආයුධ මිළ දී ගැනීම, කාර්යාල නඩත්තුව, ප්‍රවාහනය ආදී තවත් බොහෝ දේ වෙනුවෙන් ද මහජන මුදල් වැය කරනු ලැබේ.

එහෙත්, මිනිස්සු මහ මග ඇනකොටා ගනිති. දේපල ගිනි තබා ගනිති. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියාත්මක වන්නේ ගින්න සෑහෙන දුරකට පැතිරුණාට පසු ය.

සමස්තයක් ලෙස රජයත්, ආණ්ඩුවත් මේ තත්වයට වගකිව යුතු ය.

පසුගිය දිනෙක අම්පාරේ මෙවැනි ම කලබලකාරී තත්වයක් ඇති විය. තවමත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වන බවක් දක්නට නො ලැබේ. අපරාධකරුවන්ට ලැබෙන මුක්තිය ඔවුන් වීරත්වයට පත් කිරීමට හේතු වන අතර එය අපරාධ රැල්ලක් ඇති කිරීමට හේතු වේ. දැන් සිදු වන්නේ එයයි.

ආණ්ඩුව දේශපාලන නායකත්වය සපයමින් වගකීමෙන් යුතුව මෙම තත්වය පාලනය කිරීමට පියවර ගත යුතු ය. මහජනතාව නීතිය හා සාමය ආරක්ෂා කරන අංශවලට සහයෝගය දිය යුතු ය.

කටකතා පතුරුවන්නට එපා. අනවසර ජනරාශිවලට එක් වන්නට එපා. සන්සුන් වන්න. සාමයට ගරු කරන්න.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *