දේශපාලනයට වඩා වටින්නෙ ව්‍යවසායකත්වය

රංජි මනෝජ් අපේ ගම් පැත්තෙ මගේ සමීප මිතුරෙක්. 80 දශකයේ අග භාගයේදී අප එකට දේශපාලනය නො කළාට එක දේශපාලනයක සිටි නිසා අප අතර ලොකු බැඳීමක් තිබෙනවා.

රංජි තවමත් දේශපාලනය අතහැර නො දැමූ සහෝදරයෙක්. හැබැයි, ඔහු දේශපාලනයට වඩා ව්‍යවසායකත්වයට ප්‍රමුඛතාව දෙන නැගී එන ව්‍යවසායකයෙක්. හැබැයි, ඕනෑ ම වෙලාවක පොදු අවශ්‍යතාවකදි ඉදිරියට එන කෙනෙක්. මං හිතන්නෙ ඔය ජවිපෙ වගේ පක්ෂවලට ඔහු තවමත් ආර්ථික ශක්තිය දෙනවා. ඔහුගේ ආයතන සංස්කෘතියත් ටිකක් පක්ෂ ලක්ෂණ සහිතයි වගේ. රංජි අවංකව ම රටට, ගමට ආදරේ කරන මිනිහෙක්. මේ වන විට පිටිසර ගමක ඍජු රැකියා දුසිමකට වඩා සපයපු සමාජ ව්‍යවසායකයෙක්.

2008දී තනි මිලිං යන්ත්‍රයකින් හොරවල ගමේ කුමාර වෙල්ගමගේ ඩෙනිස්ටන් වත්ත ආසන්නයේ මාසලවත්තෙ පොඩි ඉඩමක පටන් ගත්ත ඔහුගේ පොල් තෙල් මෝල අවුරුදු 10ක් තුළ ව්‍යවසායක් ලෙස දිගු ගමනක් ඇවිත්. සුළු පරිමාණ ව්‍යාපාරය අද වන විට වේගයෙන් මධ්‍ය පරිමාණය හරහා ගමන් කරමින් තිබෙනවා.

ඇත්තෙන් ම, මේ යුගයෙ දේශපාලනයට වඩා මේ වෙලාවෙ රටට අවශ්‍ය ව්‍යවසායකත්වය. දේශපාලනය, ආණ්ඩු හා රජයේ සේවය කියන්නෙ ලංකාවේ ජන සමාජය මත නැගී සිටින පරපෝෂී බලවේගයක්. එය මත නැග යැපෙන තවත් බලවේග දෙකක් තියෙනවා. ඒ තමයි, වාමාංශික ව්‍යාපාරය සහ ජනමාධ්‍ය. මේවා නඩත්තු කරන්නට අවශ්‍ය ධනය උපයන්නෙ රංජිලා වගේ ව්‍යවසායකයන්, විදේශගත ශ්‍රමිකයන්, ඇඟලුම් කම්කරුවන් හා වැවිලි කම්කරුවන් වගේ අයයි.

අද මගේ නිවාඩු දවස මම වැය කළේ රංජිගෙ සමාගම වෙනුවෙන් හදමින් සිටි වෙබ් අඩවියට අන්තර්ගතය ලියන්නයි, ඡායාරූප සංස්කරණය කරන්න, වර්ඩ්ප්‍රෙස්වලින් වෙබ් අඩවිය හදන්න වගේ වැඩවලට. මළ ඉලව් දේශපාලනය ගැන කතා කරනවාට වඩා ඒක රසවත්.

ඊයෙ හැන්දෑවෙත් මට හමු වුණා, මේ වගේ රසවත් චරිතයක්. අකුරැස්ස පැත්තෙ තේ කම්හල් හිමියෙක්. ඔහු එක්ක කතා කළ විස්තරය හෙට අනිද්දා ම ලියනවා.

පහත දැක්වෙන්නෙ රංජිගෙ කොම්පැනියට මං හදපු වෙබ් සයිට් එක. මට දැනුවත් වෙන්න සයිට් එකේ අඩුපාඩු කියන්න. රංජි ගැනයි, ඒ ව්‍යවසාය ගැනයි දැනගන්න සයිට් එක බලන්න. Tilma Lanka (Pvt.) Ltd. 

පහත දැක්වෙන්නෙ රංජිගෙ අදහස් ටිකක්.

ranji

FOOD FOR THOUGHT

– V.D.R. Manoj, Chairman, Managing Director

I founded this business in 2008 with a single milling machine in Masalawatta, in Horawala village. Since the early times, we had opened a small sales point in the facility for villagers to come and collect good quality coconut oil in small quantities but at wholesale price.

Then we started distribution within a circle of 10 kilometers. Three years later, we were able to expand our distribution network to areas like Matugama, Agalawatta, Baduraliya, Aluthgama, Beruwala, Neluwa, Elpitiya, Neboda, Pitigala etc.

Our state-of-the-art Oil Mart retail outlet was opened in Matugama in 2011. In 2016, we were able to open another outlet on Kalutara Road, Matugama for both retail and wholesale trade.

Now our delivery line has been expanded into Galle, Rathanapura, and Colombo districts.

Ten years after our modest start, we are now a thriving medium scale industry in Sri Lanka. We are proud contributors to the economy of our motherland.

That is not the end. We see another start each day. Every day, we explore new horizons in this industry and try to deliver best quality products to our valued consumers.

This is not mere business but a journey through humanity. Join us. Be our partners in your way.

Please follow and like us:

5 thoughts on “දේශපාලනයට වඩා වටින්නෙ ව්‍යවසායකත්වය

  1. First of all as a consumer I was blown away by the filthy tap in the back ground photo. I dont think its necessary to show it in anyway, The process of extracting the oil should not be shown if its not that pleasant to see or if there is no value for the consumer to know. I think people will be more interested about the product, However you can still talk about how the oil is extracted in a different graphical way. may be a small animation from the point its plucked will be good enough and even pleasant. And again is this website focused on selling to end users of like B2B, if its b2b there will be certain things a buyer would be interested on like the production quantity, packaging , process of shipping and all that, The green logo and white back ground looks as if there has not been any effort to make the website interested, please visit wix.com. you should be able to see free templates that u can make use of. at least u could check them out and be inspired to do better.

  2. සයිට් එකේ SEO ගැන බලන්න. අන්තර්ගතය අලුතෙන්ම ලියපු නිසා ඔර්ගනික් විදිහට optimize වෙන්න අවස්ථාව වැඩී.
    Title tag, keywords, meta description, h1 tag, image alt tag, image name ගැන අවධානය යොමු කරන්න (දැන් organic SEO වලදි Google මේ ටැග් වලට (සමහරක්) දෙන්නෙ තරමක අඩු ප්‍රමුඛතාවයක් උනත් තාමත් ඒවා වලංගුයි).
    google analytics සයිට් එකට එකතු කරන්න.
    මට වර්ඩ්ප්‍රෙස් ගැන ලොකු දැනුමක් නැති උනත් සාමන්නයෙන් වර්ඩ්ප්‍රෙස් වගේ CMS (content management system) SEO වලට support කරනව, ඒක නිසා ගොඩක් දේවල් admin panel එක හරහා ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි.

    design එක ගැන එකපාරටම මට හිතුනෙ dull කියල (මේක සම්පුර්ණයෙන්ම පුද්ගලික අදහසක්) මූලිකවම එහෙම වෙලා තියෙන්නෙ;

    1. white space වැඩී නිසා .
    2. main image එකේ opacity එක මදි නිසා .
    3. image එකේ height එක මදි නිසා (මේ වගේ complete උන නම් හොඳයි https://www.flightgiftcard.com)

    සමහර විට මේ තෝරගත්ත theme එකේ layout එක වෙන්න ඇති, කොහොම උනත් තව ටිකක් sharp උන නම් හොඳයි.

    good job, keep up the good work

  3. Bottles in the first photos were not filled to the brim, It looks stingy. Also writing in the past perfect is not appealing.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *