දේශපාලන අස්ථාවරත්වය නිර්මානය කරන මෝඩ ජනාධිපතිවරයෙක් සිටින ලංකාව

කාටුන්
සිංහයෙක්

“බුද්ධිමත් මිනිසුන් අනෙක් මිනිසුන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. සාමාන්‍ය බුද්ධියක් තිබෙන මිනිසුන් තමන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. මෝඩයන් එකම වරද නැවත නැවත කරනවා. පසුගිය සති කිහිපයක කාලයක සිට මේ රටේ දේශපාලනය අස්ථාවර තත්ත්වයක තිබෙන්නේ. අපි එකම වරද නැවත නැවත සිදුකරමින් ඉන්නවා.”

එසේ කීවේ, මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා අප්‍රේල් 4දා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි.

ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දේශපාලන ස්ථාවරත්වය වැදගත් වුවද අප එකම වරද දිගින් දිගටම කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා පැවසුවා.

පෙබරවාරි 10දා මේ රටේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුණා. දැන් එයට මාස දෙකක් ගත වෙනවා. පසුගිය මාස දෙකක කාලය තුළ මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, ඔහුගේ ගෝල බාලයනුත් කරමින් සිටියේ කුමක් ද? මහජන මුදලින් වරප්‍රසාද භුක්ති විඳිමින් මේ පිරිස කරමින් සිටියේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මානය කරන එකයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කුජීත වන්නට පැරදී තුන්වන තැනට පත් වුණ මෛත්‍රීපාල සිරිසේන උත්සාහ කළේ එජාපය කඩා දමා සජිත් ප්‍රේමදාස සහ පිරිසක් සමග එක්ව, මහින්ද රාජපක්ෂගෙන් ද පිරිසක් කඩාගෙන ආණ්ඩුවක් කරගෙන යාමටයි. රටේ මාස දෙකක් තිස්සේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මානය කරනු ලැබුවේ මේ පටු පරමාර්ථය වෙනුවෙනි. එය හැර ආණ්ඩුව අස්ථාවර කරන්නට වෙනත් කිසිදු හේතුවත් පළාත් පාලන මැතිවරණය විසින් නිර්මානය කළේ නැත.

මහ බැංකුව 2015 වසරේ 5%ක ආර්ථික වර්ධන වේගයක් පුරෝකථනය කර තිබෙනවා. එහෙත්, මේ වන විටත්, රටේ දේශපාලන අස්ථාවරත්වය අවසන් වී නැහැ. මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ වාර්ගික කලබලත් ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කර අවසන්. එය ඉතා ඉක්මණින් ම සංචාරක කර්මාන්තයට දැනුණා.

පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය වුණේ 3.1%ක් පමණයි. එය මෑත ඉතිහාසයේ අඩු ම ආර්ථික වර්ධන වේගයක්. හැබැයි, 2017 වසර රටට පැමිණි විදේශ ආයෝජන හා රටෙන් කරන ලද අපනයන පැත්තෙන් ප්‍රගතියක් පෙන්වූ වසරක්.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේනගේ උපායමාර්ගය වී තිබෙන්නේ කඩාකප්පල්කාරිත්වය ඉදිරියට ගෙන යාම බව ඔහුගේ ප්‍රමුඛ චක්ගෝලයන් දෙදෙනෙකු වන ඩිලාන් පෙරේරා සහ දයාසිරි ජයසේකර විසින් කරන ලද ප්‍රකාශ වන, විශ්වාස භංගය පැරදුණාට තමන් ඇමති තනතුරුවලින් අස් නො වන බවට කියූ කතාවෙන් පැහැදිලි වෙනවා.

මේ රටේ මහජනතාව ලෙස අපට දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටීමට සිදු වී තිබෙන්නේ, කරුණාකර මහජන මුදලින් ජීවත් වෙමින් කරන මෙම කඩාකප්පල්කාරිත්වය නතර කරන ලෙසයි. බලයට පත් වූ එජාප ආණ්ඩුවට ඉදිරි වසර දෙක සඳහා පාලනය පවත්වා ගෙන යන්නට ඉඩ දී 2020දී ඕනැ මගුලක් කර ගන්නා ලෙස ජනතාව දේශපාලුවන්ට හඬ නගා කිව යුතුව තිබේ.

Please follow and like us:

One thought on “දේශපාලන අස්ථාවරත්වය නිර්මානය කරන මෝඩ ජනාධිපතිවරයෙක් සිටින ලංකාව

  1. It is unknown whether Ranil knows “sinhala” even he got his basic degree in Sri Lanka as he has forgotten ” Gahanna Gahanna vadina minihanth vadinna vadinna gahana minihath modayoya”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *