පොදු දේපල වනසන, පෞද්ගලික දේපල බදා වැළඳ ගන්නා ලංකාවේ ජනතාව සමග විප්ලව කිරීම

ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙකු කෙසේ හෝ මෝටර් රියක් බැරිනම් ත්‍රිරෝද රියක් හෝ යතුරුපැදියක් හෝ මිළ දී ගෙන එදා සිට එය පරිස්සම් කිරීමට අපරිමිත වෙහෙසක් දරති. ගමනක් ගොස් ආවොත් එය වහා සෝදති. තමන්ගේ ශරීරියට වඩා වාහනයේ බොඩියට සලකති. ඇතුළේ සීට්වල පැකිං නො කඩා අවුරුදු ගණන් පොලිතින් උඩ දුක් විඳිමින් යන අය ද සිටිති.

ඒ පෞද්ගලික දේපල ය. පොදු දේපල පැත්තට යොමු වූ විට ලංකාවේ මහජනයා අතිශය කුහකයෝ ය. කාර්යාලයේ වායු සමීකරණය, විදුලි පහන වැනි දේ සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු අරපිරිමැස්මක් නැත. පොදු දේපල පිළිබඳ හැඟීම පාසල්වලින් දෙන තරම කෙතරම් ද යත්, පාසල් සිසුවෝ ඩෙස්, පුටු කඩා බැට්, විකට් හදාගෙන ක්‍රිකට් ගැසීම ඉතා සාමාන්‍ය තත්වයකි.

වාමාංශික දේශපාලනය කිච වී යන්නට මූලික හේතුව ලංකාවේ අපට හමු වන මෙවැනි ජනතාවන් වීරයන් ලෙස සලකන ගොන් පාට් ය. ලංකාවේ ජනතාව යනු දේශපාලකයන් වැනි ම දූෂිත ආලපාලුවෝ ය. ඔවුන්ගේ වෙනස ඔවුන්ට දේශපාලකයන්ට ලැබුණු අවස්ථා නො ලැබීම පමණි. අවස්ථාවක් ලදොත්, ඔවුන් ද දේශපාලකයන්ට දෙවෙනි නැති බවට ඕනෑ තරම් උදාහරණ ඕනෑ ම කෙනෙකුට ඕනෑ ම ප්‍රමාණයක් සොයා ගත හැකි ය.

ලංකාවේ සමාජ වෙනසක් ඇති කරන්නට නම් දේශපාලකයා පමණක් නොව ජනතාවත් වෙනස් කරන්නට සමාන බරකින් වැඩ කළ යුතු ය. ප්‍රතිපත්ති ගරුක, දූෂණය පිටුදකින, විනයක් ඇති ජනතාවක් වෙනුවෙන් දේශපාලන මතභේදවලින් තොරව අරගල කළ යුතු ය.

ලංකාවේ දුම්රියේ ගමන් කරන, විශේෂයෙන් වරන්ට් හිමි රජයේ සේවකයන් ද ඇතුළත්, මධ්‍යම පන්තික ජනතාව පොදු දේපල රැක ගැනීම කරන ආකාරය ගැන ඡායාරූප මාලාවන් කිහිපයක් පසුගියදා නිකුත් විය.

පහත දැක්වෙන්නේ කන්කසන්තුරෙයි සිට ගල්කිස්ස බලා ධාවනය වන වායුසමනය කරන ලද දුම්රිය මැදිරි තුළ එහි ගමන් ගත් පළමු පංතියේ සමහරක් මගී ජනතාව විසින් දමා ගොස් තිබූ අපද්‍රව්‍ය ය.

Train made dirty by passengers

මේ ෆොටෝ පළ වුණේ ගාඩ් මහත්තයා ෆේස්බුක් පිටුවේයි. පහත දැක්වෙන්නේ මෑතදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුත්වැඩියා කර ධාවනයට එක් කරන ලද දුම්රිය මැදිරියක් පළමු ධාවනයෙන් පසු දිස් වූ ආකාරයයි. මෙවැනි ක්‍රියාවලට වගකිව යුත්තේ පැහැදිලිව ම මගීන් ය.

Train made dirty by passengers

Train made dirty by passengers

Train made dirty by passengers

වරක් මම ද මෙවැනි දුම්රිය නැරඹුම් මැදිරියක අලුත්වැඩියාවෙන් පසු පළමු ධාවනයේ ගමන් කළෙමි. ඇතැම් අලුත්වැඩියාවන් හුදු මවාපෑම් වූ නිසා ඒවා පහසුවෙන් කැඩී ගියේ ය. පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ බාල උපකරණ සවි කර සිදු කරන ලද අලුත්වැඩියාවන් නිසා සිදු වී තිබෙන දේ ය.

cheap repair of CGR

cheap repair of CGR

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *