අලුත් වීරයෙක් අහු වේ! මහසෝන් බලකාය ලු!

අමිත් වීරසිංහ
අමිත් ජීවන් වීරසිංහ

වාර්ගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ මහනුවර දිස්ත්‍රික්කයේ දිගන ඇතුළු ප්‍රදේශවල අද දවසේ සාමාන්‍ය තත්වය දක්නට ලැබුණු බව වාර්තා වේ.

වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියාවලට නායකත්වය දුන් බව කියන මහසෝන් බලකාය නම් සංවිධානයක බවත් කියවෙන අමිත් ජීවන් වීරසිංහ නමැත්තෙකු ඇතුළු නවදෙනෙකු පමණ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තවත් 80කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.

මෙවැනි අත්අඩංගුවට ගැනීම්වලින් හා එකී පුද්ගලයන්ට ලැබෙන ප්‍රචාරවලින් ඩෑන් ප්‍රියසාද් වැනි පුහු ලුම්පන් වීරයන් බිහි වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මොවුන් සත්‍ය නායකයන් නො වන්නට ද බොහෝ දුරට ඉඩ තිබේ. එසේම, පොලිසියේ, බන්ධනාගාරයේ රැකියා කරන ජාතිවාදීන්ගේ සහයෝගය නිසා මොවුන් බොහෝ විට උන්නාටත් වඩා වීරයන් වී ඇප පිට නිදහස් වීමට ද අනාගතයේදී දැන් ඥානසාරලා කරන්නා සේ නඩුවලින්  බේරී සමථ කිරීම්වලට උත්සාහ කරන්නට ද පුළුවන.

මෙවැනි වරදකරුවන්ට දඬුවම් ලැබේ ද, නැද්ද යන්න සිතා ගැනීමට උපයෝගී කර ගත හැකි වීඩියෝවකි මේ. මෙම වීඩියෝ  MDW Live විසින් ට්විටර් ඔස්සේ පළ කරන ලද ඒවා ය. එම වීඩියෝවෙන් දැක්වෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ යයි කියනු ලබන සෙබළුන් පිරිසක් හා තමන් යම් අපරාධයක් කළ බව ප්‍රසිද්ධියේ කියන පුද්ගලයකු වින්දිත අසරණයකුට අවමන් සිදු වන ලෙස කතා කරන ආකාරයයි.

පහත දැක්වෙන්නේ ගැටුම් ඇති වූ ප්‍රදේශවල ස්වභාවය දැක්වෙන වීඩියෝවකි.

මේ අතර නීතිය හා සාමය පිළිබඳ ඇමති ලෙස රංජිත් මද්දුම බණ්ඩාර දිවුරුම් දී තිබේ.

ජාතිවාදී ගැටුම්වලට එරෙහිව අද දින කොළඹදී විරෝධතා ව්‍යාපාර දෙකක් වෙන වෙන ම කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්විණි. එකක් පුරවැසි බලය සංවිධානය විසින් ද, අනෙක සම අයිතිය ව්‍යාපාරය විසින් ද පවත්වන ලදී.

පුරවැසි බලය
පුරවැසි බලය
සම අයිතිය උද්ඝෝෂණය
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *