මැලේසියාවෙ අැඳන්වල මකුණො ය කියලා ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයෙකු එහෙ යන්න බැහැ කියලා

මාතෘකාව කියවපු ගමන් පුදුම හිතුණා ද? හැබැයි මේ අද ඊයෙ නෙමෙයි. 1960 දශකයේදී හෝ 1950 දශකයේ අග හරියේදීයි.

දිසානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා කෙහෙල්ගමුව හෙවත් ටී.බී. කෙහෙල්ගමුව හෙවත් කෙහෙල් කියන්නේ ලංකාවෙන් බිහි වුණ විශිෂ්ට වේග පන්දු යවන්නෙක්. 1942දි ගම්පොළ ඉපිද,මහනුවර ධර්මරාජයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස, පසුව ජාතික කණ්ඩායම ද නියෝජනය කළ දස්කම් දැක්වූයේ 1960 දශකයේදී හා 1970 දශකයේ මුලයි. පසු කලෙක ඔහු ක්‍රිකට් පරිපාලනයටත් එක් වුණා. නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස විශ්‍රාම ලැබුවා.

මැලේසියාවේ ක්‍රිකට් තරග චාරිකාවක නියැලුණු කෙහෙල් ලංකාවට ඇවිත් මෙහෙම කිව්වලු.

“ආයෙ නම් එහෙ යන්න බැහැ. මකුණො කාල ම එපා වුණා.”

මැලේසියාව එහෙම තත්වයක තිබුණු මේ යුගයේ සිංගප්පූරුව උත්සාහ කළේ ලංකාව වැනි දියුණු රටක් වෙන්නයි.

වාර්ගික ගැටුම් නිසා ලංකාවට වෙච්ච දේයි, ඒ ගැටුම් විසඳා ගත් සිංගප්පූරුව හා මැලේසියාව අද ඉන්න තැනයි අප කවුරුත් දන්නවා.

ටී.බී. කෙහෙල්ගමුව
ටී.බී. කෙහෙල්ගමුව

කෙහෙල්ගමුවගෙ මේ අතුරු කතාව අඩංගු වුණේ පසුගියදා මතුගමදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවත්වපු කතාවකයි. රටේ දේශපාලන තත්වය පිළිබඳ සාකච්ඡා කරන්නට එක්සත් වාමාංශික පෙරමුණ විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවේදී දිගන වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ගැනත් සාකච්ඡා කෙරුණා. මේ කතාව ඔහු ගෙනහැර දැක්වූයේ වාර්ගික ගැටුම් නිසා අපට අහිමි වී තිබෙන දියුණුවේ තරම ගැන පැහැදිලි කරන්නටයි.

මහනුවර තෙල්දෙනියේ, උඩිස්පත්තුවේ උපන්, මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ හා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ උපන් තෙල්දෙනිය උසාවියේ සෑහෙන කාලයක් වැඩ කළ අයෙක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *