මීනයෙන් මේසෙට – මේසෙන් බඩට

සෙනරත් ධර්මතිලකගේ නිර්මානයක්.

නොනගතය වන තුරු
බඩු ගනිමු බඩු විකුණමු
පෝලිම් සැදී මෙහි එනු
ලාබයි ගන්න අවුරුදු

හැම තැන ම සෙනග ය
සතුට ඉතිරෙන මුහුණු ය
අත්තිකාරම් උත්සව
ණය බව සිතට නො දැනෙ ය

ගෙවල් පිරිසිදු කර
අලුත් බඩු මිළ දී ගෙන
කොණ්ඩත් කපාගෙන
වාහනේටත් තෙල් ගසාගෙන

කොළඹ ඇත කපුටන්
කොවුලෝ හඬති එහෙයින්
ගමේ නැත උන් දැන්
ගම් බලා යති නගර කොවුලන්

වැට ඉන්නටත් ගහගෙන
පවුරු පදනම් බැඳගෙන
එරබදු මල් සොයා
කරමු ගූගල් හිතවත

අවුරුදු සිරිත් ගැන
ටෙලිවිෂන්වල දෙස් දෙන
මහින්ද කුමාර දළුපොත
මෙවරත් ගෙදර ගොස් නැත

මීනයෙන් මේසෙට
මේසෙන් කටට බඩට ද
බාර් වහලා හිතවත
ගෙනැවිත් තියා ගත්ත ද?

බිස්කට් පැකට් අරගෙන
නෑයෝ එනෝ හම්මෝ
ඒ පැකට් අරගෙන
අපිත් නෑගම් යනවෝ

මේ අවුරුද්දෙවත්
අලුත් වෙන්නට හිතුවට
බලු වලිගෙ ඇද කුද
යාවිද උණ පුරුකෙ ලෑවට

– අජිත් පැරකුම් ජයසිංහ

 

Please follow and like us:

2 thoughts on “මීනයෙන් මේසෙට – මේසෙන් බඩට

  1. Maya, Look children are coming,
    get ready with some thing for our grand son, grand daughter,
    may be for the last time of our life ,
    since we have to pay tax for our only living means , that is for the bank interest earned from my EPF deposit from next year darling.

  2. මයික් එකක් ළඟ දී උන් හිටි තැන් අමතක වෙන්නේ පැරාට විතරයි කියලයි අප හිතන් වුන්නේ. දැන් බැලින්නම් නන්‍දනටත් ඒ ලෙඩේ තදට ම හැදිලනේ. උඹ මේවා බලලා උද්ධාමයට පත් වෙලා මේ වගේ පිස්සු නම් කෙළින්න එපා පැරා. මෝඩයා ගූ හත් පළේ ගා ගන්නවා කිය්නනේ මේකයි පැරා. මූ ගූ නා ගන්නවා මඳිවට අහක ඉන්න සුධීමතුන්ගේ ශ්‍රී දේහයන්ගෙත් මඩ ගානවා.

    https://youtu.be/QTaf2IcfnFA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *