මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කර ගැනීම වැරදියි – තව්හිඩ් ජමාත් ලේකම්

ශ්‍රී ලංකා තව්හීද් ජමාත්
ශ්‍රී ලංකා තව්හීද් ජමාත්

මුස්ලිම් කාන්තාවන් තමන් හඳුනාගත හැකි ලෙස සිටිය යුතු බවත්, ඔවුන් මුහුණ ආවරණය කරගෙන සිටීම ආගම විසින් තහනම් කරන ලද දෙයක් බවත් ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ ලේකම් එම්.එච්.එම් රසාක් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ 2018 මාර්තු 18දා ඉරිදා ලංකාදීප පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය. ඔහුගේ ප්‍රකාශය ලංකාදීප පුවත්පතේ පළ වූ ආකාරය මෙසේ ය:

අපි පැහැදිලිව මේ ගැන කියල තියෙනවා. මුස්ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන යන්න කියලා කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. මුහුණ වැසීම ඉස්ලාම් ආගමට විරුද්ධ දෙයක්. මුහුණ වහගන්න කියලා කුරානයෙත් නැහැ. අප කියන්නේ නිවැරදි දේ කරන්න කියලයි. ඒක ආගමට තහනම් දෙයක්. මුහුණ ආවරණය කරන්න එපා කියල තියෙන්නෙ.

අපේ කාන්තාවො හඳුනා ගන්න පුළුවන් විදියට ඉන්න අවශ්‍යයි. බොහෝ දෙනා මුහුණ ආවරණය කරගෙන ඉන්නවා. ඒක ආගම තහනම් කරපු දෙයක්. වැරදි ලෙස ආගම තේරුම් ගැනීමක්. අනිවාර්යයෙන් ම මුස්ලිම් කාන්තාවන් ඔලුව වහගන්න ඕනැ. ෂරියා නීතිය අනවශ්‍ය ලෙස ගේන්න අවශ්‍ය නැහැ.

– ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානයේ ලේකම් එම්.එච්.එම් රසාක්

Please follow and like us:

One thought on “මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කර ගැනීම වැරදියි – තව්හිඩ් ජමාත් ලේකම්

  1. මුස්ලිමෙකු වශයෙන් මම පුද්ගලිකවම බුර්කාවට අකමැති එය තහනම් නිසා නොව එය පවතින තත්වය තුල ගැටලු ඇති කරන නිසාය. බුර්කාව යනු අනිවාර්ය දෙයක් නොවේ. ඒ නිසා එයින් වැලකි සිටිය හැක. ඒ සඳහා ෂරියාවේ අවසර ඇත. ෂරියාවේ ඇතැම් අංග නම්‍යශිලීය. තහනමෙන් අදහස් වන්නේ වෙනම කතාවකි. අවශ්‍ය නම් තාවකාලික තහනමට ගිය හැකි නමුත් එය ආගමික තහනමක් සේ ගත නොහැක. ඒ සඳහා නීතී සම්පාදනය කර ගැනීමේ බලතල මුස්ලිම්වරුන්ට තිබිය යුතුය. ලංකාව වැනි මුස්ලිම් නොවන රටක සිට එය සිදු කල නොහැකි නිසා බලපොරොත්තු තබා ගැනිම අනවශ්‍යය. තව්හීද් ජමාතයේ දැඩි ආන්තික පදානුගත අර්ථ කතනය (literal Interpretation) නිසා ඔවුන් මෙය තහනම් සේ දකිනවා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *