මුස්ලිම් විවාහ පනත සංශෝධනයේ අවම වයස 16 ද 18 ද මතභේදයක්

මුජිබර් රහුමාන්
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා නොබෝ කලකින් පනතක් සම්පාදනය වනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් (එ.ජා.ප.) පැවසී ය.

1951දී සම්මත කර ගන්නා ලද මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව තවමත් වයස අවුරුදු 12ට අඩු ළමයින් පවා විවාහ කර ගැනීමේ අවසරය ශ්‍රී ලංකාවේ තිබේ. මෙම නීතිය සංශෝධනය කිරීම සඳහා රජය විසින් 2009දී පත් කරන ලද 17 පුද්ගල කමිටුව සිය වාර්තාව 2018 ජනවාරි මාසයේදී අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ වෙත භාර දෙන ලදී.

එහෙත් සාමාන්‍ය නීතිය යටතේ වයස අවුරුදු 18ට අඩු ළමයතු සමග විවාහ වීම නීති විරෝධී වන අතර, වයස අවුරුදු 16ට අඩු ළමයකු සමග යෙදෙන ඕනෑම ලිංගික ක්‍රියාවක් ව්‍යවස්ථාපිත දූෂණය ලෙස සැලකේ.

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමේදී අවම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති බව රහුමාන් පැවසී ය. ඔහු පවසන පරිදි විවාහ වීමේ අවම වයස සම්බන්ධයෙන් අදහස් දෙකක් පවතී. එක් පිරිසක් විවාහ වීමේ අවම වයස අවුරුදු 16ක් විය යුතු බව ද, සෙසු පිරිස එය 18 විය යුතු බව ද පවසන බව මන්ත්‍රීවරයා පැවසී ය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද උදෑසන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සාරප්‍ර‍භාගිර වැඩසටහනට සහභාගි වෙමිනි.

1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනතේ 4 (2) වගන්තිය අනුව ද වයස අවුරුදු 18ට අඩු අය අතර විවාහ පිළිගනු ලැබේ.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහභාගි වූ පැයක සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව සඳහා අපගේ ෆේස්බුක් පිටුව බලන්න. 

Please follow and like us:

4 thoughts on “මුස්ලිම් විවාහ පනත සංශෝධනයේ අවම වයස 16 ද 18 ද මතභේදයක්

  1. There has to be a law that applies to all irrespective of the ethnicity .When there is one law for the Sinhalese and another the others it is very easy for one group to rouse one ethnic group against the other .
    Do you agree?

    1. I agree you. But in Sri Lanka, many ethnic communities have some kind of legal privileges which these communities do not want to give up. We can’t force one community only to give up such privileges.

  2. පළවෙනිම කාරණාව තමයි ඇයි “මුස්ලිම්” විවාහ නීතිය සංශෝධනය කරන්නේ? එහෙම එකක් අවශ්‍යම නෑ. සියළුම දෙනාට එකම නීතියක් තිබුණාම ඇති. විවාහ චාරිත්‍ර කැමැති විදියට ඉටු කර ගන්න පුළුවන්.

    1. සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක ම නීතියක් විය යුතුයි කියන එක සියලුම ශ්‍රී ලාංකිකයන් විසින් පිළි ගනනා තත්වයක් රටේ ඇති කළ යුතුයි. ඒක බලෙන් කරන්නට බැහැ. මේ වෙනස මුස්ලිම් සමාජයෙන් ම යෝජනා වීම හොඳ තත්වයක්. ඒක තමයි ඇති වෙන්නට ඕනැ. බලෙන් කරන්නට පුළුවන් අඩු ම ගානෙ ප්‍රගතිශීලී මහජාතියක්වත් ඉන්නවා නම්. අපේ රටේ එහෙම එකක් නැහැ.

Leave a Reply to Bertie Ranaweerage Cancel reply

Your email address will not be published. Required fields are marked *