සීදේවි ශ්‍රීදේවි ගැන විස්තර

Sridevi
Sridevi

බොලිවුඩ් සුපිරි තරුවක් වන ශ්‍රීදේවි ඊයේ උදේ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වුණා. 1963 අගෝස්තු 13 උපන් ඇය මිය යන විට වයස අවුරුදු 55යි. ඇයට හෘදයාබාධය වැළඳෙන විට ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණ පවුලේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමින් සිටියා.

ඇය තමිල්නාඩුවේ උපන් කාන්තාවක්. ඇගේ සැබෑ නම ශ්‍රී අම්මා යැංගර් අයියප්පන්. ඇගේ පියා දෙමළ. මව තෙළිඟු. ඇය මුලින් මිථුන් චක්‍රවර්ති සමග පෙම් බැඳ රහසේ විවාපත් වී තිබෙනවා. 1996දී ඇය අනිල් හා සංජේ කපූර්ගේ වැඩිමහල් සොයුරා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර් සමග විවාපත් වුණා. ඇයට දියණියන් දෙදෙනෙකු සිටිනවා. ඒ ජාන්වි සහ කුෂී.

ශ්‍රීදේවි සිව් හැවිරිදි වියේදී පළමු රංගනය කළ චිත්‍රපටයේ

ඇය රංගනයට එක් වුණේ වයස අවුරුදු හතරේදී 1969දීයි. ඒ තුනයිවන් (සගයා) චිත්‍රපටයේ මුරුගා දෙවියන්ගේ චරිතය රඟපාමින්. ඇය හින්දි, දෙමළ, තෙළිඟු, මලයාලම් ආදී චිත්‍රපට 150ක පමණ රඟපා තිබෙනවා.

1978දී සිය ප්‍රධාන රංගනය ඔස්සේ සිනමාවට පිවිසුණු ඇය 1987දී මිස්ටර් ඉන්දියා චිත්‍රපටයේ රඟපෑමත් සමග සුපිරි තරුවක් බවට පත් වුණා. 1997දී ජුදායි චිත්‍රපටයේ රඟපෑමෙන් පසු සිනමාවෙන් ඉවත් වෙලා 2012 දී ඉංග්ලිෂ් විංග්ලිෂ් සමග නැවත සිනමාවට පිවිසුණා.

2013දී ඉන්දීය රජය ඇයට පද්ම ශ්‍රී සම්මානය පිදුවා. එය එරට සිව්වන සම්භාව්‍ය සම්මානයයි.

ඇගේ සැමියා බොනී කපූර් හා බාල දියණිය කුෂී ද ඇය මිය යන විට ඇය සමග ඒ විවාහ මංගල්‍යයට සහභාගි වෙමින් සිටියා.

 

ශ්‍රීදේවි සැමියා හා දියණියන් දෙදෙනා සමග

 

 

Please follow and like us:

4 thoughts on “සීදේවි ශ්‍රීදේවි ගැන විස්තර

  1. මිථුන් චක්‍රවර්ති? ගුරුන්ටත් අකුරු වැරදෙයි කිව්වලු …..තමන්ට වරදින විදියටම අනෙක් අයටත් වරදින්න පුළුවන් කියන එක මේකෙන්වත් ඉගෙනගන්න …..

    1. එය සිංහලෙන් නිවැරදිව ලියන හැටි දක්වන්න. නිවැරදි කරන්නම්. මා හින්දි සිනමා ලෝලියකු නෙමෙයි. ඒ නිසා මේ නම උච්චාරණය කරන හැටි මා අසා නැහැ. ඕනැ කෙනෙකුට වරදින්නට පුළුවන්. එසේම මා ඔබේ ගුරුවරයකුත් නෙමෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *