නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විස්තර කරන කවුරුත් දන්න ඇත්ත

cartoonනීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විසින් අධිකරණය හා නීති වෘත්තිය පිළිබඳ කරන ලද නිර්භීත හෙළිදරව්ව සමග සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වී තිබෙනවා.

ලංකාවේ අධිකරණ හා නීති ක්ෂේත්‍ර යනු ඌන සංවර්ධිත, වැඩවසම් ලක්ෂණ සහිත, එසේ ම, දූෂණය ඉහවහා ගිය අංශ බව යන්න අලුත් කරුණක් නොවෙයි. එය කවුරුත් පාහේ අඩුවැඩි වශයෙන් දන්නා දෙයක්. එය සමාජයේ ඉතා සාමාන්‍ය කරුණක්.

උසාවි කියන්නෙ පගා මරුවන් ජීවත් වන තැනක්. විනිසුරුවරයාගේ ඉදිරිපිට ම පගා ගැනීම සිදු වන අවස්ථා ගැන අත්දැකීම් තිබෙන අය බොහෝ ගණනක් මෙම ලිපිය කියවනවා ඇති. නීතිඥවරුන් කියන්නේ මූලිකව ම ගනුදෙනුකරුවන්ට බිල්පතක් හෝ නිකුත් කරන්නට තරම් හැකියාවක් නැති පිරිසක්.

හැබැයි, අධිකරණයේ තිබෙන ඉහත කී ලක්ෂණ නිසා ම බොහෝ දෙනෙකු මේ පිළිබඳ කතා කරන්නට බියක් දක්වනවා. පසුගිය දිනවල මේ ගැන කතා කළ රන්ජන් රාමනායකට එරෙහිව නඩු පැවරීම සඳහා උනන්දු වූ පාර්ශ්ව කවුරුද කියා විමසා බලන්න. විශේෂයෙන් ම නීතිඥ සංගමය මෙහිදී කටයුතු කළේ මෙවැනි කාරණා පිළිබඳ විවෘතව කතා කිරීම වැළැක්වීමේ අරමුණින් යයි සැක කළ හැකි ය. රන්ජන් රාමනායක වැනි අයෙකු මර්දනය කිරීමෙන් වෙනත් අය කට ඇරීමට පවා බිය කළ හැකි බව ඔවුන් දන්නවා විය හැකි ය.

ලංකාවේ නීති ක්ෂේත්‍රයේ පවතින මෙම පසුගාමී තත්වය පිළිබඳ මුලින් ම විලි ලැජ්ජාවට පත් විය යුතුව තිබෙන්නේ වෘත්තීය නීතිඥවරු ය. පවතින තත්වය ඔවුන්ට වාසිදායක විය හැකි ය. එහෙත්, එසේ වාසි ලැබීම කුණු වුණ තුවාලයක ඉහඳ තබන මැස්සාගේ කාර්යයට සමාන බව අවබෝධ කර ගත යුතු ය.

තමන් දවසේ වැඩි කාලයක් නිරත වී සිටින මෙම වෘත්තියේ තත්වය තමන්ගේ ජීවිතයට කාන්දු වන බැවින් ඒ විපර්යාසය තමන්ගෙන් දරුවන්ට පවා යා හැකි බව අවබෝධ කර ගන්න.

නීතිඥ සුගන්ධිකා දුෂිත අධිකරණ කේෂ්ත්‍රයේ රෙදි ගලවමින් හලාවත, මාරවිල අධිකරණයේ නඩු අහන හැටි ගැන සිදු කළ කථාව. Part 2බොහෝ කාළයක් දැනගෙන සිටි කථා සරිත් සාගරය ඇය එකින් එක අනාවරණය කරයි. Part 2

Posted by Rajith Keerthi Tennakoon on Wednesday, April 18, 2018

Please follow and like us:

7 thoughts on “නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු විස්තර කරන කවුරුත් දන්න ඇත්ත

  1. නීතීඥවරු බිල් නිකුත් නොකරන බව ඔබ මීට කලිනුත් කියා තිබුණා මට මතකයි. නමුත් එය සම්පූර්ණයෙන් ම ඇත්ත නෙවෙයි. ගම්වල මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණ වල නීතීඥවරු බිල් නිකුත් කරන්නේ නැති බව ඇත්ත. හැබැයි පහත සදහන් අවස්ථාවලදි ඔබට අනිවාර්යෙන් ම බිලක්/ඉන්වොයිසියක්/ counsel memo එකක් ලැබෙනවා;
    1. ඔබ විසින් නීතීඥ සමාගමක සේවය ලබා ගැනීමේ දී. මේ සෑම නීතීඥ සමාගමක්ම බදු ගෙවන අතර සපයන සෑම සේවාවක් වෙනුවෙන් ම වැට් සහ NBT ඇතුලත් ඉන්වොයිසි නිකුත් කරයි.
    2. ඔබ විසින් ජනාධිපති නීතීඥවරුන් සහ එවැනි මට්ටමේ නීගීඥවරුන්ගේ සේවය ලබා ගැනීමේ දි. ඔබට VAT සහ NBT ද ඇතුළත් Counsel Memo එකක් ලැබේ.
    3. ඔබ විසින් ඉහල අධිකරණ (වාණිජ මහාධිකරණ, අභියාචනා සහ ශ්‍රේශ්ටාධිකරණය) සදහා සහ ඉහළ අය කිරීම් සහිත නීතීඥවරු ලබා ගැනීමේදී.
    4. පිළිගත් සමාගම් නීතීඥවරුන්ගේ සේවය ලබා ගැනීමේදි, සාමාන්‍යෙන් සමාගමක් විසින් නීතීඥවරයෙකුට කරනු ලබන ගෙවීමක් සමාගමේ ගෙවීම් ක්‍රියාවලිය හරහා අනුමත විය යුතු අතර එම ගෙවීම් ද සමාගමෙහි ගිණුම්වලට ඇතුළත් විය යුතු වේ. මේ නිසා සංවිධානාත්මක ඕනෑම සමාගමක්, නීතීඝ්නවරුන්ගේ සේවය ලබා ගැනීමේදී මුදල් ගෙවීමට පෙර VAT සහ NBT ද ඇතුළත් ඉන්වොයිස් පතක් හෝ Counsel memo ලබා ගනියි

  2. තවද, නීතීඥ සමාගමක සේවය ලබා ගැනීමට පෙර fee quote එකක් හෝ fee agreement එකකට ඇතුළත් වීමට ද හැකියාව ඇත. බොහෝ සමාගම්, නීතීඥ සමාගම් වල සේවය ලබා ගන්නේ fee agreement මත ය. කිසියම් නඩුවකට හෝ වෙනත් සේවාවක් ලබා ගැනීමට පෙර ඒ සදහා යන සම්පූර්ණ වියදම පිළිබද ඇස්තමේන්තුවක් ලබා ගැනීමට එය උපකාරි වේ. ඊට හේතුව වන්නේ, ව්‍යාපාරයක් විසින් කිසියම් නඩු කටයුත්තකට එළබීම ව්‍යාපාරික තීරණයක් වන අතර එහිදි ඊට පෙර අපේක්ෂිත ප්‍රතිඵලය සහ ඒ සදහා යන වියදම තක්සේරු කිරීම ව්‍යාපාරික සමාගමකට අත්‍යවශ්‍ය කරුණකි. නීතීඥ සමාගම් සහ ඉහළ මට්ටමේ වෘත්තීය නීතීඥවරු එවැනි සේවා ලබා දෙන නමුත් බොහෝ මිනිසුන්ට පොදු එදිනෙදා නීති කටයුතු වලට සාමාන්‍ය ඇතැම් නීතීඥයන් වෙත යාමේ දී, එවැනි දේ සිදු නොවීම කණගාටුවට කරුණකි.

  3. පැරා,

    ස්තුතියි පැරා මෙය ප්‍රසිද්ද කලාට.

    මේ නම් ඉතා නිර්බීත කාන්තාවක්, මෙහි ලස්සනම දේ තමයි පැරා ජනතා විමුක්ති පෙරමුණේ රෙද්දත් ගැලවීම, මේක බලන අය අනුර කුමාරලා මොන ජාතියේ මිනිසුන්ද කියල තරුම් ගනී.

  4. අපරාධ නඩුවක පැමිණිලිකරුවන්නේ රජයයි. රජය නියෝජනය කරන්නේ පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවයි. අපරාධකරුවන්ට වාසිවෙන ලෙස ඇපදීමට නියෝග දුන් නීතිපතිචරයෙක් ගැන මේකතාවේ කිය වෙනවා. මේවා පාලනය කරන්න රජයට බැරිද? ඒක කොහෙමටත් උසාවියට අපහාස කිරීමක් නොවෙයි. මෙවැනි දේවල් ජනමාධ්‍ය හෝ පුවත්පත් මගින් ප්‍රසි්ද්ධ නෙකරන්නනේ ඇයි ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *