සමාජ මාධ්‍ය තහනම ගැන හරින් නො දන්නා එක කාගේ ප්‍රශ්නයක් ද?

හරින් ප්‍රනාන්දු
හරින් ප්‍රනාන්දු

සමාජ මාධ්‍ය තහනම පිළිබඳ තමන් දැන නො සිටි බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ලංකාදීප පුවත්පතට පවසා තිබේ.

සමාජ මාධ්‍ය ආවරණය කිරීම සඳහා කිසිදු නීතිමය තත්වයක් භාවිතා කළ බවක් අපි නො දනිමු. එය කරනු ලැබුවේ විදුලි සංදේශ නියාමන කොමිෂම මගිනි.

විදුලි සංදේශ නියාමන කොමිෂම හරි නම් අයත් විය යුතු විදුලි සංදේශ අමාත්‍යාංශයට ය. එහෙත්, ජනාධිපතිවරයා සිය විධායක බලතල පාවිච්චි කරමින් එය තමන් යටතේ තබා ගනියි. එහි සභාපති වන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ය.

වාර්ගික කෝලාහල පැතිරෙන වේලාවේ ක්ෂණිකව සමාජ ජාල අවහිර කිරීම බුද්ධිමත් ක්‍රියාවකි. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන පරිදි ඇතැම් වයබර්, වට්සැප් සමූහයන්වල 10,000ක් පමණ සාමාජිකයන් සිටිති. මේ ජාල හරහා වේගයෙන් ජාතිවාදය පතුරුවා හැරීමත් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමත් සිදු විය.

මෙම සිදුවීමෙහි ප්‍රධාන ගැටලු තුනක් තිබේ. එයින් පළමුවැන්න විධායක ජනාධිපති බලතල සම්බන්ධයෙනි. එය හොඳ ද නරක ද යන්න මේ ඔස්සේ ද සාකච්ඡා කළ හැකි ය. විදුලි සංදේශ නියාමන කොමිෂම පවතින්නේ ජනාධිපතිවරයා යටතේ නම් විදුලි සංදේශ භාර අමාත්‍යාංශයක් නඩත්තු කරන්නේ කුමට ද?

අනෙක ආණ්ඩු පාලනය සම්බන්ධයෙනි. මෙවැනි කාරණයකදී විදුලි සංදේශ ඇමතිවරයා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම ඉතා සරල දෙයකි. ඔහු මෙවැනි පියවරකට විරුද්ධ වේ යයි සිතිය නො හැකි ය. මෙතන තිබෙන්නේ ගණන් නො ගැනීමකි. එසේ වැඩ කිරීම විදුලි සංදේශ නියාමන කොමිෂමේ සභාපතිවරයාගේ හා ඔහුගේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ නායකත්වය භූමිකාවන් පිළිබඳ ප්‍රශ්නයකි. හොඳ නායකයෝ මෙවැනි අමන වැඩ නො කරති.

තුන්වන ගැටලුව ඇත්තේ විදුලි සංදේශ ඇමතිවරයාගේ ය. තීරණ ගැනීමේ ක්‍රියාවලිවලට ප්‍රවේශය හදා ගැනීමේ වගකීමක් ඔහුට ද ඇත. අමාත්‍යාංශයට අදාළ බලතල, වරප්‍රසාද භුක්ති විඳිමින් සිට පසුව මං දන්නෙ නැහැ යි කීම ද හොඳ නායකත්ව ලක්ෂණයක් නො වේ.

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *