ෆේස්බුක් තහනමට එරෙහිව අපේ අරගලය

cartoon

ඒත්, ඉන් පසුව, ආණ්ඩුවේත්, විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍ර‍මසිංහගේත් උවමනාව වී තිබුණේ ෆේස්බුක් තහනම දිගට ම පවත්වාගෙන යාමයි.

එයින් බලාපොරොත්තු වුණේ වාර්ගික ප්‍ර‍චණ්ඩත්වය පාලනය කිරීම පමණක් නො වන බවයි අපේ අදහස. 2015 ජනවාරි 8 සමාජ වෙනස කරන්නට ෆේස්බුක් වෙතින් සෑහෙන දායකත්වයක් ලැබුණා. ඒ ඔස්සේ බලයට පැමිණි අය තමන්ට එරෙහිව සමාජයෙන් මතු වන විරෝධය පාලනය කර ගන්නටත් මේ ෆේස්බුක් තහනම පාවිච්චි කරන්නට උත්සාහ කළා. සතියකට වැඩි කාලයක් මෙසේ ෆේස්බුක් තහනම් කිරීම මෑත කාලයේදී ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් ප්‍ර‍කාශනයේ නිදහසට එරෙහිව සිදු කළ විශාල මර්දනයක්.

ෆේස්බුක් කියන්නේ බොහෝ දුරට පාලනය කළ හැකි අවකාශයක්. වෛරී, නීති විරෝධී අදහස් සන්නිවේදනය කරන පිරිස් හඳුනා ගන්නටත්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටත් බැරිකමක් නැහැ. පුරවැසියන්ගේ මට්ටමේ සිට ම වැරදි ක්‍රියා වාර්තා කිරීමෙන් එයට උපකාර කරන්නට ඔබටත් පුළුවන්. එසේම, මින් ඉදිරියට අප සියලු දෙනා ෆේස්බුක් භාවිතයේදී වගකීම් සහගත වෙන්නට ඕනැ.

අනෙක් පැත්තෙන්, ෆේස්බුක් වෙතින් මතු වන දේශපාලනික ප්‍ර‍තිගාමිත්වයට මුහුණ දීමට පුළුවන් වෙන්නේත් ෆේස්බුක්හි ම කරන අරගලයකිනුයි. එයින් බේරෙන්නට ෆේස්බුක් තහනම් කිරීම අන්ත ප්‍ර‍තිගාමී ක්‍රියාවක්. මේ ආණ්ඩුව කළේ ඒකයි.

ෆේස්බුක් නැති කාලෙ අපි වැඩිපුර ට්විටර් වෙත යොමු වුණා. දකුණු පැත්තේ තිබෙන කුරුළු සලකුණ ක්ලික් කරලා අපේ ට්විටර් ජාලයටත් එකතු වෙන්න. මේ තහනමට එරෙහිව අපත්, අප වැනි තවත් සමාජ මාධ්‍යකරුවන් විශාල පිරිසකුත් දැවැන්ත අරගලයක් කළා. ඒ අරගලයට දායක වෙන්නට අප පසුගිය දිනවල ලියූ ලිපි කීපයක් නැවත මෙහි පළ කරන්නේ පහුගිය දිනවල මේ බ්ලොගය වෙත පිවිසෙන්නට අවස්ථාව නො ලද අපේ පාඨකයන් වෙනුවෙනුයි.

අන්තර්ජාල නිදහස සඳහා වූ ව්‍යාපාරය

ටොයියන්, බයියන්, ලිබ්බන්, ජෙප්පන්, කුරුට්ටන් ආදී භේදයකින් තොරව අන්තර්ජාල වාරණයට එරෙහිව එක් වෙමු

ෆේස්බුක් භීතිකාවෙන් පෙළෙන මෛත්‍රීපාල-රනිල් ආණ්ඩුවේ මාධ්‍ය වාරණයට එරෙහිව සමාජයේ විශාල හඬක් මතු වෙමින් තිබේ. දැන් ඔවුන් සැරසෙන්නේ ෆේස්බුක් සමාගම හරහා ම ෆේස්බුක්හි අන්තර්ගතයන් වාරණය කරවා ගනිමින් නැවතත් එය විවෘත කරන්නට ය. ප්‍රසිද්ධ ෆේස්බුක් මාධ්‍යකරුවකු වන ඕෂල හේරත් පවසන්නේ එයට ඉඩ නො දිය යුතු බවයි. ෆේස්බුක් නැතත්, එවැනි වාරණයන්ට හිස නො… Read More

ෆේස්බුක් කොම්පැනියට වෛරී අන්තර්ගතයන් හඳුනා ගන්නට බැරි ඇයි?

ෆේස්බුක් යනු වානිජ සමාජ ජාල අවකාශයකි. නොමිළේ සපයන වේදිකාවක නිර්මානය වන අන්තර්ගතයන් අනුව, දැන්වීම් අලෙවි කිරීමෙන් මෙම සමාගම අධික ලාභයක් උපයයි. එහිදී ඔවුන්ට ලාභය ප්‍ර‍මුඛ ය. වඩා ජනප්‍රිය අන්තර්ගතයන් ඔවුන්ට වැඩි ලාභ ගෙන දෙයි. එහෙත්, ජනප්‍රිය අන්තර්ගතයන් සියල්ල හැම විට ම සමාජයට හිතකර නැත. අන්තර්ජාල අක්ෂර හිමි ලොව පුරා සෑම… Read More

නිශාන්ත මුතුහෙට්ටිගම

සමාජ මාධ්‍ය දිගට ම තහනම් කරන්නට කතා කරන ආණ්ඩුවේ පසුගාමීන්ට ජනතාව පාඩමක් ඉගැන්විය යුතු ය

රජයේ මුග්ධ සමාජ මාධ්‍ය වාරණය පිටුපස සිටින අමන තකතීරුවන් කවුරුද යන්න හඳුනා ගැනීම පහසු වෙමින් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් මෙම වාරණය පිළිබඳ යම් සංයමයකින් යුක්ත විරෝධයක් පළ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් කරන ප්‍රකාශ මුග්ධකම තව තවත් ගැඹුරු කරයි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මෙම… Read More

ෆේස්බුක් තහනම පිටුපස ඉන්නෙ කවුද හිටං?

සමාජ ජාල බ්ලොක් කිරීම දිගට පවත්වාගෙන යාමේ මෝඩ, අමන ක්‍රියා මාර්ගය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා, ඔහුගේ ඇතැම් පටු අරමුණු සහිත කුමන්ත්‍ර‍ණකාරී උපදේශකයන් සහ ආරක්ෂක අංශවල සිටින ඇතැම් පිරිස් බව වාර්තා වේ. ජනාධිපතිවරයා තුළ බොහෝ විට දැකිය හැකි නවීනත්වයට එරෙහි, පසුගාමී, ග්‍රාමීය අදහස් පාවිච්චි කරමින් මෙම ක්‍රියාව සිදු කරන ඇතැම් පිරිස්වල යටි… Read More

Right to Information one of world’s best, but Facebook ban?

Sri Lanka government is bringing diverse silly arguments to avoid lifting the foolish ban on social media. Government politicians do not appear more intelligent than the stupid Facebook page admins and other idiots who are blamed for ignitting communal violence via Facebook. Is Facebook actually responsible so much for recent… Read More

W3Lanka cartoon

2018 ෆේස්බුක් තහනම හා 1983 ජවිපෙ තහනම

ෆේස්බුක් තවමත් බ්ලොක් කරලා. ලංකාවේ ඉන්ටනෙට් පරිහරණය කරන අය අතරින් සීමිත පිරිසක් විතරක් පරිහරණය කරන, ප්‍රධාන වශයෙන් ම පිංතූර පළ කිරීමේ සමාජ මාධ්‍යයක් වන ඉන්ස්ටග්‍රෑම් ද බ්ලොක් කරලා. හැබැයි, ඊට වඩා ජනප්‍රිය යූටියුබ්, ට්විටර් වැනි අවකාශයන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. වට්සැප් පණිවුඩ හුවමාරු මාධ්‍යයත් බ්ලොක් කරලා තිබුණත්, ඉක්මණින් ම එය… Read More

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *