
සමාජ ජාල බ්ලොක් කිරීම දිගට පවත්වාගෙන යාමේ මෝඩ, අමන ක්‍රියා මාර්ගය පසුපස සිටින්නේ ජනාධිපතිවරයා, ඔහුගේ ඇතැම් පටු අරමුණු සහිත කුමන්ත්රණකාරී උපදේශකයන් සහ ආරක්ෂක අංශවල සිටින ඇතැම් පිරිස් බව වාර්තා වේ.
ජනාධිපතිවරයා තුළ බොහෝ විට දැකිය හැකි නවීනත්වයට එරෙහි, පසුගාමී, ග්‍රාමීය අදහස් පාවිච්චි කරමින් මෙම ක්‍රියාව සිදු කරන ඇතැම් පිරිස්වල යටි අරමුණ ආණ්ඩුවට පක්ෂ තරුණ ඡන්ද තවදුරටත් ඈත් කිරීම බව ද වාර්තා වේ.
නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී කතා කළේ මෙම තහනම අනුමත නො කරන ස්වරයකිනි. ඔහු අදහස් ඉදිරිපත් කළේ සමාජ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව පිළිබඳ වන අතර ඒ සම්බන්ධයෙන් සමාජ විරෝධයක් නැත.
මේ අතර රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා ද මෙම තහනම ඉක්මණින් අවසන් කිරීම හොඳ බව ට්විටර් සටහනක් තබමින් පැවසී ය.
ඊයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වන ලද තොරතුරු දැන ගැනීමේ හිමිකම ඉදිරියට ගෙන යාම හා සම්බන්ධ මාධ්‍ය පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ වැඩසටහන අතරතුර කතා කළ මාධ්‍ය උපදේශක නාලක ගුණවර්ධන විසින් ද පෙන්වා දෙනු ලැබුවේ, තහනම දිගට ගෙන යාම පසුපස මාධ්‍ය අමාත්‍යාංශයට ඉහළ බලධාරීන් සිටින බවයි. ඔහු මෙය හැඳින්වූයේ මෝඩ, අමන තීරණයක් ලෙසයි.
මේ අතර, ජනාධිපති මෛත්රීපාලන සිරිසේන නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්දානන්ද අමරවීර ඇමතිවරයා පෙරේදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සමාජ මාධ්‍ය තහනමට පක්ෂව කතා කළේ චීනයව වැනි දියුණු රටවල ෆේස්බුක් නැති බව කියමිනි. එහෙත්, දැවැන්ත ජනගහනයක් සිටින එම රටවලට දේශීය විකල්පයක් සංවර්ධනය කර ගැනීමට තිබෙන හැකියාව හා එවැනි විකල්ප පිළිබඳ ඇමතිවරයා සඳහන් කළේ නැත.
ෆේස්බුක් සමාගම ඇතැම් අන්තර්ගතයන් ඉවත් කරනතුරු තහනම දීර්ඝ වන බවක් ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි. ෆේස්බුක් සමාගම සිය වෙබ් අඩවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තිබෙන තහනම ඉවත් කර ගැනීමට ලොකු උනන්දුවකින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. අන්තර්ජාලයේ ප්‍රබල සමාගම් රැසක් ශ්‍රී ලංකාව හොඳ වෙළඳපොළක් ලෙස සලකන්නේ නැත. මෙයට හොඳම උදාහරණය වන්නේ පේපැල් විද්‍යුත් ගනුදෙනු ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරවා ගැනීම සම්බන්ධයෙන් එකී සමාගමට තිබෙන උදාසීන ආකල්පයයි.
ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අවස්ථාව කදිමට දේශපාලන වාසිය වෙනුවෙන් පාවිච්චි කරන ආකාරය දකින්නට ලැබිණි. පහත දැක්වෙන්නේ ඔහු විසින් සමාජ මාධ්‍ය තහනම ගැන කරන ලද ප්‍රකාශයක් හා එය ට්විටර් ඔස්සේ බෙදා ගත් ආකාරයයි.
#SocialMediaBan @adaderana pic.twitter.com/TVaOMZ7wjg
— Namal Rajapaksa (@RajapaksaNamal) March 13, 2018
මීට පෙර ද ඔහු රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සමයේ ෆෙස්බුක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් නැවත පළ කරමින් මෙම තහනම ප්‍රශ්න කළේ ය. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.
හයියෝ, පැරා ෆයිරෙක්ස් හඳුනන්නේ නැහැ නොවැ.