|
||||||||||||||
|
ටී.එම්.වී.පී. අවි භාරදීම ආණ්ඩුවට යටහත්භාවය පෙන්වීමේ තරගයක් (W3Lanka, මාර්තු 08) විශ්වාසදායක ආරංචි මාර්ග පවසන්නේ නැගෙනහිර ප්‍රධාන ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය (ටී.එම්.වී.පී.) ඊයේ මඩකලපුවේදී කළ නිල වශයෙන් අවි බිමතැබීම ඇත්ත වශයෙන්ම එදිරිවාදී කරුණා කණ්ඩායමත් සමග ඇති ආණ්ඩුවට පක්ෂපාතිත්වය පෙන්වීමේ තරගයේ ජවනිකාවක් බවයි. පිල්ලයෛන් අවි බිම තැබුවත්, මෑතදී ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියකට පත් කරන ලද ටී.එම්.වී.පී. නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා නම් කියන්නේ තමන් ඇතුළු 3000ක පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පූර්ණව බඳවා ගනු ලබන තෙක් අවි දරා සිටින බවයි. 2003දී කොටි සංවිධානයෙන් කැඩී ගොස් කොටින් නැගෙනහිරින් පළවා හැරීමට රජයට උදව් කිරීමෙන් පසු මෙම දෙපාර්ශ්වය අතර දැන් ඇති වී තිබෙන උග්‍ර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයම රාජ්‍යයට යටහත්භාවය ප්‍රකාශ කිරීමේ තරගයක යෙදී ඉන්නවා. එහෙත්, ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ලකිරීම පිළිබඳව දෙපාර්ශ්වය නිරතුරු එකිනෙකාට චෝදනා එල්ල කර ගන්නවා. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||