|
||||||||||||||
|
උතුරේ දරුණු සටන් සිවිල් වැසියන්ට හානි වීම ගැන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි (W3Lanka, මාර්තු 09) යුද හමුදා ආරංචි මාර්ග පවසන ආකාරයට පසුගිය දින කීපය තුළ කොටි සංවිධානයේ සටන්කරුවන් 150කට අධික පිරිසක් මරා දමලා. රජය විසින් ප්‍රකාශිත ආරක්ෂිත කලාපය ආසන්නයේ සිටින යුද හමුදාවේ 58 හා 55 සේනාංක පුදුමට්ටලාන්හි අවතැන් වූවන්ගේ තාවකාලික මඩු කූඩාරම් දකින දුරට ළං වි ඇති බව වාර්තා වෙනවා. මේ අතර, කොටි හිතවාදී මාධ්‍ය වාර්තා කරන පරිදි හමුදාවේ විශේෂ බලකායටද විශාල හානි සිදු වී තිබෙනවා. දෙපාර්ශ්වයම සතුරු පාර්ශ්වයේ හානි පිළිබඳ වාර්තා කළත් තමන්ගේ හානි කියන්නේ නැහැ. මුලතිව් ප්‍රාදේශීය සෙෘඛ්‍ය අධ්‍යක්ෂවරයා වන ටී. වර්ධරාජා වෛද්‍යවරයා BBCයට දුරකථනයෙන් කිව්වේ ආරක්ෂිත කලාපයට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් අඩුතරමේ 15ක්වත් මිය ගිය බවයි. එසේම ඔහු රෝහලක් පවත්වාගෙන යන පුදුමාතලන්හි සැතකම් සඳහා අත්‍යවශ්‍ය බෙහෙත්වල දැඩි හිඟයක් ඇති බවද ඔහු කියනවා. කොටි හිතවාදී වෙබ් අඩවි ආරක්ෂිත කලාපයේ සියගණනක් මරණ සිදු වී ඇති බව කියන්නේ පොකුරු බෝම්බ කාලතුවක්කු මගින් හෙඵන බවට රජයේ හමුදාවලට චෝදනා කරමිනුයි. එහෙත්, රජය මෙම චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කරනවා. යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර BBCයට පැවසුවේ සිවිල් වැසියන්ට වන හානි පිළිබඳව කීමට කොටින් වෛද්‍ය වර්ධරාජාට බලපෑම් කරන බවයි. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||