W3lanka.com

NEWS IN
ENGLISH

ජයලලිතා අද උපවාසයේ
ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය නිසා ලන්ඩනයේ සහ මුරුසියේ විරෝධතා සිද්ධි

(W3Lanka, මාර්තු 09)
සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) මහලේකම් ජයලලිතා ජයරාම් අද චෙන්නෛහිදී ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳව ඉන්දීය හා ලංකා ආණ්ඩුවලට විරෝධය පළ කරමින් උපවාසයක් පවත්වනවා.

මේ අතර, සිදු විය හැකි ස්වයං ගිනි තබාගැනීමේ විරෝධතා පිළිබඳ පොලිසිය අවදියෙන් ඉන්න බවත් සැළයි.

මෙසේ පෙරවාරි 13දා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ගිනි තබාගෙන විරෝධය පළ කළ 26 හැවිරිදි තොරතුරු තාක්ෂණ උපාධිධරයකු වන මුරුගදාසන් වර්ණකුලසිංහම්ගේ අවමඟුල දහස් ගණන් විදෙස්ගත දෙමළ ජනයාගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා ලන්ඩන්හිදී පැවැත්වුණා.

ලංකාවේ දෙමළ ප්‍රශ්නය වැඩි වැඩියෙන් ජාත්‍යන්තරකරණය වන අතරතුර මුරුසියේත් විශාල උද්ඝෝෂණයක් පැවැත්වුණ බව වාර්තා වෙනවා. එරට උප අගමැති හා අධිකරණ ඇමති ද සහභාගි වූ මෙම උද්ඝෝෂණය අවසානයේ පැවති රැළියේදී හිටපු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්. කේ. ඊලවේන්දන් ද කතා කළා.

මුරුසිය කියන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රිකා මහාද්වීපය ආසන්නයේ පිහිටි දිවයිනක්. එහි බහුතර ජනයා යටත්විජිත සමයේදී එරටට ගිය ඉන්දීය සම්භවයක් ඇති ජනයායි.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA