|
||||||||||||||
|
තහවුරු වී නැති නිසා ලංකාවේ මරණ සංඛ්‍යාලේඛන නිකුත් කරන්නේ නැහැ - එක්සත් ජාතීන් ආධාර කරන්නේ කඳවුරු ජාත්‍යන්තර තත්වයේ ඇතිනම් පමණයි (W3Lanka, මාර්තු 10) එ.ජා. හදිසි මානුෂීය ආධාර සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් ඊයේ එ.ජා. මූලස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී කීවේ ලංකාවේ දිනපතා දුසිම් ගණන් මිනිසුන් මියයන්නේ යයි විශ්වාස කරනමුත්, සංඛ්‍යාලේඛන තහවුරු වී නැති බැවින් ඒවා හෙළි නොකරන බවයි. සංක්‍රාමීය සහ අර්ධ ස්ථාවර අවතැන් කඳවුරු සඳහා එ.ජා. ආධාර කරන්නට නියමිත බව ඔහු කීවේ කඳවුරුවාසීන්ට එහා මෙහා යාමට නිදහස සීමා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවද කියමින්. කඳවුරු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවුණොත් තම සංවිධානයට ඒවාට ආධාර කිරීමේ හැකියාව නැති බව ඔහු කියනවා. මූලධර්මයක් ලෙස නොපිළිගන්නා කාර්යයකට දීර්ඝකාලීනව ආධාර කිරීමේදී කඳවුරුවල තත්වය පිළිබඳ සමීපව සොයාබැලීමට සිදු වන බව හෝම්ස් කියන්නේ එයින් අනුන්ගේ පව්වලට දඬුවම් විඳින්නට අසරණයන්ට සිදු වීමේ සාමාන්‍ය අර්බුදය ඇති විය හැකි බවද කියමින්. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||