W3lanka.com

NEWS IN
ENGLISH

හමුදාව අල්ලාගත් ප්‍රදේශවලට රිංගාගැනීමේ කොටි ප්‍රයත්නයක්
වන්නියේ දරුණුම සටන්

(W3Lanka, මාර්තු 11)
වන්නියේ දරුණු සටන් ඇවිළෙමින් ඇති අතර, කොටි සටන්කරුවන් පුදුකුඩිඉරුප්පු උතුරේ යුදහමුදා 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳගෙන හමුදාව විසින් අල්ලාගත් ප්‍රදේශවලට ඇතුල් වීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙනවා.

මෙම උත්සාහයේදී මිය ගිය කොටි සටන්කරුවන් 100කට අධික පිරිසකගේ සිරුරු හමුදාව විසින් ඊයේ වන විට සොයාගෙන තිබුණා. ඒ අතර ප්‍රහාරය මෙහෙයවූ කොටි නායකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ ලෝරන්ස්ගේ සිරුරද ඇති බව හමුදාව විශ්වාස කරනවා. අනෙක් නායකයා ස්වර්ණම්. හමුදාවටද හානි සිදු වී ඇති බව පිළිගෙන ඇතිමුත් සංඛ්‍යා ප්‍රකාශයට පත් කර නැහැ.

ප්‍රහාරයට සම්බන්ධ කොටි සටන්කරුවන් අතරින් පිරිසක් නිරුපද්‍රිතව ආපසු ගොස් ඇති අතර තවත් පිරිසක් හමුදා ප්‍රදේශවල තවමත් සිටින බවද වාර්තා වෙනවා. විශේෂ බලකාය ඔවුන් සොයා මෙහෙයුම් කරනවා. ඔවුන් ඉන්නේ හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන බවද, සඟවා තබා තිබුණු ආයුධ සහ ආහාර ලබාගෙන ඇති බවද වාර්තා වෙනවා.

මේ කිසිදු වාර්තාවක් තහවුරු වී නැහැ. යුද කලාපයේ ස්වාධීන වාර්තා කිරීම් සිදුවන්නේ නැහැ.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA