|
||||||||||||||
|
නැගෙනහිර උණුසුම වැඩි වේ ටී.එම්.වී.පී. හතරක් මරා දමයි; බසයක් ගිනිබත් (W3Lanka, මාර්තු 14) නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෛහි ටී.එම්.වී.පී. කාරයාලයකදී එම සංවිධානයේ ක්‍රියාකාරිකයන් හතරදෙනෙකු සිකුරාදා ඝාතනයට ලක්වුණා. බ්‍රහස්පතින්දා පාන්දර කල්මුණේදී බසයකටත් ගිනි තැබුවා. මෙම සිද්ධිවල වගකීම සුපුරුදු ලෙස කිසිවෙක් භාර ගත්තේ නැහැ. රජය හෝ පොලිසියත් එකවරම කොටි සංවිධානයට වගකීම පැවරුවේ නැහැ. මෙම පළාතේ කොටි සංවිධානයේ ගරිල්ලා ක්‍රියාකාරකම් වගේම ටී.එම්.වී.පී. කරුණා, පිල්ලෛයන් කණ්ඩායම් දෙක අතරත් ගැටුම් පවතිනවා. පෙබරවාරි 20දා අම්පාර දිස්ත්‍රික්කයේ ඉඟිනියාගල කනමැටියාව ගම්මානයට එල්ල වූ ප්‍රහාරයකින් ගම්වැසියන් 12ක් මිය ගියා. රජය චෝදනා කළේ කොටි සංවිධානයටයි. නැගෙනහිර පළාතට මායිම් වන ඌව පළාතේත් වනගත මායිම් ප්‍රදේශවලට අද්දරව සමූහ ඝාතන හා පොලිසියට පහරදීම් වැනි සිද්ධි ගණනාවක්ම පසුගිය කාලයේ වුණා. පුවත් පිටුවටනිවහන් පිටුවට |
|||||||||||||