|
||||||||||||||
|
ජා.මු.අ. ණය ලබන මාසයේ? විදේශ සංචිත සති දෙකකට පමණයි (W3Lanka, මාර්තු 14) උග්‍ර විදේශ සංචිත හිඟයකට මුහුණ දී සිටින ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන් 1.9ක හෙවත් (රු. කෝටි 22ක ණය) ලබන මාසයේ ලැබේ යයි ආණ්ඩුව බලාපොරොත්තු වන බව මහ බැංකුව කියනවා. මේ පිළිබඳ සාකච්ඡා මේ මාසය තුළ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මේ අතර, රුපියල ස්ථාවර කිරීම සඳහා රජය වෙනුවෙන් ඩොලර් මිළ දී ගනිමින් සිටින රාජ්‍ය බැංකු දෙක දැන් ඒවා අධි මිළට මිළ දී ගැනීම නවත්වලා. ඒ ජා.මු.අ. ණය ගැන බලාපොරොත්තුවෙන්. මහ බැංකුවත්, රජයත් යන දෙපිරිසම මෙම ණය පිටුපස ඇති කොන්දේසි පිළිබඳ නිහඬයි. රුපියල අවප්‍රමාණ කරන්නැයි ජා.මු.අ. ලංකාවෙන් ඉල්ලා සිටිනු ඇතැයි බොහෝ ආර්ථික විශේෂඥයන් කියනවා. මෙම ක්‍රියාමාර්ගයෙන් ලංකාවේ උද්ධමනය වැඩි වනු ඇති. එසේම, ලංකාවට විදේශ ණය ගෙවා ගැනීමත් දුෂ්කර වනු ඇති. 2008 නොවැම්බර් වන විට ලංකාවේ විදේශ ණය රුපියල් ත්‍රිලියන 1.38ක් හෙවත් ඩොලර් බිලියන් 12ක් වුණා. මාර්තු 16දා කල් පිරෙන බැඳුම්කරවල තැන්පතුකරුවන්ට ගෙවීම සඳහා රජය දැනටමත් ඩොලර් මිලියන 200ක සංවර්ධන බැඳුම්කර සඳහා මිළගණන් කැඳවලා. මේ අතර, මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ලංකාවේ විදේශ සංචිත මේ වනවිට ප්‍රමාණවත් වන්නේ සති දෙකක ආනයනවලට පමණයි. විදේශ ආයෝජන හිඟය සහ අපනයන වියදම් වැඩි වීම නිසා මෙම සංචිත වැඩි වෙනවා වෙනුවට දිනෙන් දින අඩු වෙමිනුයි පවතින්නේ. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||