|
||||||||||||||
|
උතුරුමැද දේශපාලනඥයන්ට විරුද්ධව සාක්කි දුන් හිමිනම රිමාන්ඩ් අපරාධ සැකකාර දේශපාලනඥයන් නිදැල්ලේ (W3Lanka, මාර්තු 14) තමන්ට පහර දුන්නේ යයි චන්දන වීරරත්න වඩුගේ හෙවත් උක්කුවා නමැත්තෙක් මිහින්තලය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගන්නා ලද මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණවැවේ ධම්මරතන හිමියන් හා තවත් හිමිනමක් අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් බදාදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා. පසුගිය උතුරුමැද පළාත් සභා මැතිවරණ දිනයේ එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාර රාජා ජෝන්පුල්ලේගේ නිවස හා බෙහෙත් ශාලාව ට ගිනිතබා විනාශ කිරීම සියැසින් දුටු බව කියන මෙම හිමියන් ඒ පිළිබඳව අනුරාධපුර මහේස්ත්‍රාත් ඉදිරියේ සාක්ෂි දුන්නා. පහර කෑ බවට පැමිණිලි කළ පුද්ගලයා මෙම සාක්ෂිය මත අත්අඩංගුවට පත් වී රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස ලැබූවෙක්. භික්ෂුව දුන් සාක්කියේදී ඔහු අධිකරණයට කීවේ නිවසට ගිනි තැබූ පුද්ගලයන් මෙහෙයවමින් පළාතේ ප්‍රබල දේශපාලනඥයෙකු ඇමතිවරයකු සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකුද සිටි බවයි. එහෙත්, ඒකිසිවකු මේ දක්වා අත්අඩංගුවට ගැනුණේ නැහැ. පහර කෑ තැනැත්තා රෝහල්ගත වී සිටියත් ඔහුගේ සිරුරේ බාහිර තුවාල දක්නට නැති බවයි පොලිසිය කියන්නේ. පුවත් පිටුවටනිවහන් පිටුවට |
|||||||||||||