|
||||||||||||||
|
වර්ෂා ඝාතනයට ටී.එම්.වී.පී. සම්බන්ධයි මරා දමා ඇත්තේ ටී.එම්.වී.පී. කාර්යාලයක (W3Lanka, මාර්තු 16) ත්‍රි'මලයේදී වර්ෂා නම් සය හැවිරිදි දැරිය මරා දැමීම පිටුපස නැගෙනහිර පළාත් සභාවේ පාලකයන් වන ටී.එම්.වී.පී. සංවිධානය සිටින බව පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඝාතනයේ ප්‍රධාන සැකකරු වන රිනවුෂන් ගුවන්විදුලි විකාශන බලපත්‍රයක් ලබාගැනීම පිණිස ටී.එම්.වී.පී.ප්‍රාදේශීය නායකයකු වන ජනාර්ථන්ගේ සහාය අපේක්ෂා කර තිබේ. ඒ සඳහා ජනාර්ථන් රු. ලක්ෂ පහක් ඉල්ලා තිබෙනවා. පසුව ඔවුන් තවත් ටී.එම්.වී.පී. සාමාජිකයකු වන කරන් සහ තවත් අය සමග එක්ව දැරිය පැහැරගෙන ගොස් රු. කෝටි තුනක් කප්පම් ඉල්ලා ඇත. කුවේට්හි රියදරකු ලෙස සේවය කරන දැරියගේ පියා ඔහුට අමතන ලද දුරකථන අංකය හඳුනාගැනීමෙන් පසු පවුලේ අය එම අංකයට කතා කිරීම නිසා කලබල වූ කණ්ඩායම දැරිය ගෙල සිර කර මරා පෝර උරයක දමා මග දමා ගොස් තිබේ. පොලිසිය සිද්ධිය දැනගන්නේ නරක් වූ සිරුර මාර්තු 13දා සොයාගැනීමත් සමගයි. ඝාතනය කර තිබෙන්නේද ටී.එම්.වී.පී. කාර්යාලයක බව පොලිසිය කියනවා. ටී.එම්.වී.පී.ය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු ඇතුලු විශාල පිරිසක් පැහැරගෙන ගිය බවට, කප්පම් ගත් බවට සහ මරා දැමූ බවට මහජන චෝදනාවලට ලක් වී සිටයත් ඔවුහු ඒවා ප්‍රතික්ෂේප කරනවා. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||