|
||||||||||||||
|
උතුරේ යුද කලාපයේ සෞඛ්‍ය අර්බුදයක් ඉන්දීය වෛද්‍ය කණ්ඩායමට ජවිපෙ විරෝධය (W3Lanka, මාර්තු 16) සිවිල් වැසියන්ට තුවාල සහ මරණ සිදු කිරීම කිසිදු බාධාවකින් තොරව සිදු වෙමින් තිබෙන ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම තුවාලකරුවන් දරාගැනීමේ නොහැකියාවක් ඇති වෙලා. පදවියේ සහ පුල්මුඩේ කම්හල් ගොඩනැගිලිවල තාවකාලික රෝහල් පිහිටුවන්න දැන් රජය පියවර අරන්. වෛද්‍යවරුන්, හෙදියන් හා සෙසු කාර්ය මණ්ඩලවල 52 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් අද සිට පුල්මුඩේ වෛද්‍ය සායනයක් පටන් ගන්නවා. මෙම ඉන්දීය වෛද්‍ය කණ්ඩායම ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විරෝධයට ලක් වූ බව ජාත්‍යන්තර මාධ්‍යවලින්, විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධ වුණා. ඒත්, ඇත්තටම විරෝධය පළ කළ මෙම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ප්‍රධාන ඒවා නොවෙයි. ඒවා ජවිපෙට සම්බන්ධ වෛද්‍ය හා හෙද සංගම්. මෙම වෛද්‍ය කණ්ඩායම රටේ ස්වෛරීභාවයට තර්ජනයක් බව තවත් හේතුත් දක්වමින් ඔවුහු කියනවා. ඔවුන්ගේ විරෝධය නොතකා හැරියොත් සෙසු වෘත්තීය සමිතිත් සමග එක්ව වර්ජනයකට යන බව ඔවුහු කියනවා. මේ අතර මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ටී. තුරෛරාජා පවසන්නේ කොටි සංවිධානය යටතේ ඇති යුද කලාපයේ පුදුමාතලන්හි පවත්වාගෙන යන රෝහල දැඩි ඖෂධ හිඟය හේතුවෙන් වසා දැමීමට සිදු විය හැකි බවයි. මේ රෝහල අඩුම තරමේ 150,000ක් අවතැන් වූවන් සඳහා තිබෙන එකම රෝහලයි. බෙහෙත් හිඟයට අමතරව මෙම කලාපයේ දැඩි ආහාර හිඟයක්ද ඇති බව වාර්තා වෙනවා. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||