W3lanka.com

NEWS IN
ENGLISH

උතුරේ යුද කලාපයෙන් සිවිල් වැසියන් ඉවත් කරන ඇමරිකන්, ඉන්දියන් යෝජනා රජය ප්‍රතික්ෂේප කරයි
රජයේ පාලන ප්‍රදේශ වෙත ඒම යළි වේගවත් වෙලා

(W3Lanka, මාර්තු 16)
යුද කලාපයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉන්දියාව පළ කර ඇති සහයෝගය ලංකාවේ රජය විනීත අන්දමින් ප්‍රතික්ෂේප කරන බව ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය සෙවණැලි ආරක්ෂක ලේකම් ලියම් ‍ෆොක්ස්ට දැනුම් දුන්නා.

එක්සත් ජනපද පැසිෆික් අණදෙන මූලය මගින් සිවිල් වැසියන් යුද කලාපයෙන් ඉවත් කිරීමට කර තිබුණු යෝජනාවට ඉන්දියාව විරෝධය පළ කළා. ඉන්දියාව කියන්නේ එවැනි මෙහෙයුමක් එක්සත් ජාතීන් විසින් සාමූහිකව දියත් කළ යුතු බවයි.

මේ අතර, පසුගිය සති දෙකේ අඩුව තිබූ කොටි පාලන ප්‍රදේශවල සිට ජනයා රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීම යළි වේගවත් වෙමින් සෙනසුරාදා සහ ඉරිදා දිනවල 1000කට වැඩි සරණාගතයන් පිරිසක් ආවා. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවද සිවිල් වැසියන් 423 දෙනෙකු ග්‍රීන් ඕෂන් නැවෙන් ත්‍රි'මලයට ගෙන ආවා.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA