|
||||||||||||||
|
ලංකාවට යුද අපරාධ චෝදනා ගෙනාවොත් ජනතාව වීදි බස්සනවා - විමල් (W3Lanka, මාර්තු 17) ශ්‍රී ලංකා රජයටත්, කොටි සංවිධානයටත් එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වීම පිළිබඳ කතිකාව දැන් දැන් දෙමළ හිතවාදී ධාරාවේ සිට ප්‍රධාන ධාරාවටත් එන්න පටන් අරන්. මේ පිළිබඳව රජයේ ප්‍රතිචාරය විමල් වීරවංශ හරහා දක්වා තිබෙනවා. ඔහු කියන්නේ කොටින්ගේ උවමනාව මත එක්සත් ජාතීන් ලංකාවේ රජයට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන එන්න සැරසෙන බවයි. එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් ජනතාව වීදි බස්සා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලන බවටද ඔහු අනතුරු ඇඟවීමක් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවී පිල්ලෛ පසුගියදා කීවේ ජනවාරි 20 සිට මේ දක්වා මිනිසුන් 2800ක් මියගොස් 7000ක් තුවාල ලබා ඇති බවයි. රජය මෙම සංඛ්‍යාලේඛන ප්‍රතික්ෂේප කරන අතර ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පවසන්නේ ඒවා කොටි සංවිධානයේ ප්‍රචාර බවයි. ලංකාවේ හමුදාවේත්, කොටි සංවිධානයේත් සමහර ක්‍රියාකාරකම් මානව හිමිකම් හා මානුෂීය කටයුතු පිළිබඳජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව පිල්ලෛ කීවා. මේ අතර ටැමිල්නෙට් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරන විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන නායක බී. නඩේසන් කියන්නේ මහින්ද රාජපක්ෂ රජය සිතාමතා සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන බවට බොහෝ සාක්ෂි ඇති බවයි. ශ්‍රී ලංකා හමුදාවේ යුද අපරාධ පිළිබඳව විභාග කරන ලෙස ඉල්ලා සිටියත්, තමන්ට එරෙහිව නැගෙන යුද අපරාධ චෝදනා ගැන කොටි සංවිධානය නිහඬයි. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||