|
||||||||||||||
|
උතුරේ අවතැන් වූවන් පුනරුත්ථාපනයට එක්සත් ජාතීන්ගෙන් රුපියල් කෝටි 1800ක් කඳවුරුවල තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ට කුකුසක් (W3Lanka, මාර්තු 17) පොදු මානුෂීය ක්‍රියාකාරී සැලැස්ම (CHAP) නමින් හඳුන්වනු ලබන උතුරේ අවතැන් වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනකට ලංකාව එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 155.5ක් හෙවත් රුපියල් කෝටි 1800ක් බලාපෙරොත්තු වෙනවා. එහෙත් ලංකාවේ සරණාගත කඳවුරු තුළදී සිදු වන ආරක්ෂක පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය හා කඳවුරුවාසීන්ට නිදහසේ සංචරණයට ඇති බාධා පිළිබඳ එක්සත් ජාතීන් තුළ කුකුසක් තිබෙන බව පසුගිය දිනවල එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් සහ අවතැන් වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥ වෝල්ටර් කලින් පසුගිය සතියේ කළ ප්‍රකාශවලින් හෙළි වුණා. කෙසේ වෙතත්, ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුලු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වැඩ කළ යුත්තේ රජයේ සැලැස්ම අනුව එහි අධීක්ෂණයට යටත්ව බවයි. රාජ්‍ය නොවන සංවිධානවල වියදම් හා පාරදෘෂ්‍යභාවය අධීක්ෂණය කරන්න පත් කර ඇත්තේ අමාත්‍යංශයේ ලේකම් සහ දැන් සොයාගන්නට නැති ලංකාවේ ලිබරල් පක්ෂයේ හිටපු නායකයකු වූ රජීව විජේසිංහවයි. වව්නියාවට පැමිණෙන අවතැන්වූවන් සදහා සහන ගම්මාන හතරක් ඉදිකිරීමට රජය කටයුතු කරන බව නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම්. හලල්ඩීන් පවසනවා. වව්නියාව සෙට්ටිකුලම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මේ වන විට කදිරගාමර් සහන ගම්මානය නමින් සහන ගම්මානයක් සකස්කර තිබෙනවා. මේවන විට එහි වන්නියේ සිට පැමිණි අවතැන්වූ පවුල් 1380ක් පදිංචිකර තිබෙන බවත් හලල්ඩීන් සදහන් කළා. එයට අමතරව අරුණාචලම්,රාමනාදන්,ආනන්ද කුමාරස්වාමි නමින් තවත් සහන ගම්මාන තුනක් ඉදිකරමින් සිටින බවද ලේකම් වරයා කියනවා. එම ගම්මාන තුනේ වර්ග අඩි 192ක් බැගින් වන නිවාස 30,000ක් ඉදිකිරීමට නියමිතයි. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||