|
||||||||||||||
|
තොරතුරු විමසීමේ මෙහෙයුමක් සඳහා යුරෝපා සංගමයේ දූත පිරිසක් සිවිල් වැසියන් පළා ඒම වැඩි වෙලා (W3Lanka, මාර්තු 20) තොරතුරු විමසීමේ මෙහෙයුමක් සඳහා ලංකාව යුරෝපා සංගමයේ දූත පිරිසකට යුද කලාපයේ පෙරමුණු ප්‍රදේශ දක්වාම යාමට අවසර දෙන්න යන බව සැළයි. විදේශ අමාත්‍යාංශයේ ලේකම් පාලිත කොහොන ෆ්‍රන්ස පුවත් සේවයට කීවේ ඒ සඳහා දින වකවානු නිර්ණය කරගැනීමේ කාර්යයේ දැනට යෙදී සිටින බවයි. ගිය අවුරුද්දේ ජුලි මාසයේ සිදු වූ යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසකගේ මේ හා සමාන චාරිකාවක් අවසන් වුණේ තමනට නිදහස් සහ පූර්ණ ලෙස නිරීක්ෂණය සඳහා ඉඩ නොලැබුණ බවට ඔවුන් රොස් පරොස් කීමෙන්. මේ අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුව මාර්තු 17දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දහස් ගණන් මිනිසුන් සටන්වලින් බේරීමත්, ආහාර හා වෛද්‍ය ප්‍රතිකාරත් බලාපොරොත්තුවෙන් වෙරළාසන්න ප්‍රදේශයට පැමිණ, වැසි පීඩා හා වසංගත අනතුරු මැද තාවකාලික කූඩාරම්වල තදබද වී සිටින බවයි. මේ අතර, ලංකාවේ රජය වාර්තා කරන පරිදි ආරක්ෂිත කලාපයේ කොටි සංවිධානයට එරෙහි කැරළි ඇති වෙලා. සිවිල් වැසියන් පළා ඒමත් වැඩි වෙලා. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||