|
||||||||||||||||
|
මහ ඇමතිගේ ගෝලයකු සොයයි (W3Lanka, මාර්තු 23) ත්‍රිකුණාමලයේදී කප්පම් සඳහා පැහැරගෙන ගොස් මරා දමන ලද සය හැවැරිදි වර්ෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ ළඟ හිතවතකු සොයනවා. මේ පුද්ගලයා අදාළ පැහැර ගැනීමට, ඝාතනයට මෙන්ම මළසිරුර මහමග දමා ඒම සඳහා ප්‍රවාහනයට මහ ඇමති කාර්යාලයේ වාහනයක් යොදාගැනීමටද සම්බන්ධ බව වාර්තා වෙනවා. මේ අතර, ත්‍රිකුණාමලයේ වැසියන් මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේදී මිය යාම පිටුපස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ටී.එම්.වී.පී. පක්ෂයේ මෙවැනි ක්‍රියා හෙළිදරව් වීම වළක්වාගැනීමේ ප්‍රයත්නයක් පැවතිය හැකි බවට සැක කරනවා. ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගියා. පොලිසිය කියන්නේ ඔහු පළා යාමට තැත් කරද්දී මරා දැමූ බවයි. අත්අඩංගුවේ සිටි ටී.එම්.වී.පී. ක්‍රියාකාරිකයෙක් සයනයිඩ් ගිල සියදිවි නසා ගත්තා. ඔහුට ඒයා ලැබුණ ආකාරය අභිරහසක්. මේ අතර, ටී.එම්.වී.පී. පිල්ලෛයන් පාර්ශ්වයේ මාධ්‍ය ප්‍රකාශක අසාද් මව්ලානා මෙම ඝාතනයේ වගකීම ප්‍රතිවිරුද්ධ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායමට අනියමින් පවරමින් මාධ්‍යවලට පැවසුවේ ත්‍රි'මලේ ඔවුන්ගේ කාර්යාල කරුණා අම්මාන්ගේ අය පාවිච්චි කරන බවයි. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||||