W3lanka.com

NEWS IN
ENGLISH

ලාංකික ධීවරයන් 100ක් පමණ ඉන්දීය අත් අඩංගුවේ

(W3Lanka, මාර්තු 23)
ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් අන්දමන් සහ නිකොබාර් දූපත් අසල මසුන් මැරීමේ යෙදී සිටි බව කියන ලාංකික ධීවරයන් 28දෙනෙකු දින කීපයකට පෙර අත්අඩංගුවට ගෙන පෝට් බ්ලෙයාර් පොලීසිය වෙත භාර දී තිබෙනවා.

ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා ගිය සතියේ පාර්ලිමේන්තුවට කීවේ ධීවරයන් 78ක් ඉන්දීය අත්අඩංගුවේ සිටින බවයි. තවත් එක් අයෙක් මාලදිවයින් අත්අඩංගුවේ සිටින බව ඔහු කීවා. මේ රටවල මුහුදු සීමාවලට අනවසරයෙන් ඇතුල්වීම මොවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.

2000 සිට මේ දකුවා ධීවරයන් 498දෙනෙකු මෙසේ විදේශ මුහුදු සීමාවලදී අත්අඩංගුවට පත්ව තිබෙන බව ධීවර අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙනවා.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA