|
||||||||||||||
|
එජාපය වැනසීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය ව්‍යර්ථයි රනිල් නැවතත් නායකත්වයට (W3Lanka, මාර්තු 24) ඊයේ රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී සභාව රනිල් වික්‍රමසිංහ නැවත නායකත්වයේ පිහිටුවීමටත්, නියෝජ්‍ය නායක කරු ජයසූරියට හා කෘත්‍යාධිකාරී සභාවට හිමි බලතල වැඩි කිරීමටත් තීරණය කළා. කෘත්‍යාධිකාරී සභාවේ වැඩිදෙනෙක් පක්ෂයේ ව්‍යූහාත්මක වෙනසක අවශ්‍යතාව පිළිගත්තත්, නායකත්වයට එරෙහිව මතු වී ඇති කැරැල්ල ආණ්ඩුවේ මෙහෙයවීම මත සිදුවන්නක් බව බොහෝ දෙනාගේ මතය බව පක්ෂ ආරංචි මාර්ග කියනවා. කැරළිකරුවන් බොහෝ සිටියත් රනිල් වික්‍රමසිංහට අභියෝග කළ හැකි විකල්ප නායකත්වයක් මතු නොවීම කරළිකරුවන්ගේ පරාජයට ප්‍රධාන හේතුව බව සැළයි. වසර කීපයක් ආණ්ඩුවට එක්ව සිටීමෙන් පසු මෑතදී යළි එජාපයට පැමිණි නියෝජ්‍ය නායක කරු ජයසූරිය නායකයාට සහාය පළ කරන ස්ථාවරයක් ගත්තා. නායකත්වයට එරෙහිව කැරැල්ල මෙහෙයවූ සභාපති රුක්මන් සේනානායක හා එස්.බී. දිසානායක ආණ්ඩුවේ ඉත්තන් බවට අදහසක් එජාප කෘත්‍යාධිකාරී සභාව තුළ තිබූ බව සැළයි. කැරළිකරුවන්ට මරු පහරක් වූයේ ඔවුන්ගේ යෝජනාවක් වූ නව ජ්‍යේෂ්ඨ නායක ධුරයක් ඇති කිරීමට එරෙහිව මන්ත්‍රීවරුන් 20කගේ අත්සනින් යුත් යෝජනාවක් පාලිත රංගෙ බංඩාර විසින් ඉදිරිපත් කිරීමයි. අලුතෙන් අතිරේක උපනායක තනතුරක් පිහිටුවීමට යෝජනා සම්මත වුණා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස, එස්. බී. දිසානායක සහ වි.ජ.මු. ලොකුබංඩාර යන නම් යෝජනා වුණා. කිසිවෙක් කැරළි නායක රුක්මන් සේනානායකගේ නම යෝජනා නොකිරීම විශේෂ ලක්ෂණයක්. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||