W3lanka.com

NEWS IN
ENGLISH

අහිංසක ළමයි 37ක් නිරපරාදේ හිරේ
භයානක අපරාධකරුවන් 12කට ජනාධිපති සමාව

(W3Lanka, මාර්තු 24)
කිසි සේත්ම නුසුදුසු සමාජයක් තුළ කිසිදු වරදක් නොකළ අහිංසක දරුවන් 37ක් මැගසින් බන්ධනාගාරයේ සිරබත් කමින් සිටින අතරතුර, ඇමති භාර්යාවක් නිදහස් කිරීම පිණිස ජනාධිපතිවරයා බරපතළ අපරාධ සඳහා දඬුවම් විඳිමින් සිටි කාන්තාවන් 12කට සමාව දී නිදහස් කළා.

ඉහත කී ළමුන්ගේ අම්මලා බොහොම දෙනෙක් කළ වැරදි මේ සමාව ලැබු අම්මලා කළ වැරදිවලට වඩා සංසන්දනාත්මකව සුළු ඒවායි. කිසිදු වරදක් නොකළ මේ අහිංසක ළමයි ජීවත් වන්නේ කිසි සේත්ම නුසුදුසු වටපිටාවක සෙසු කාන්තා සිරකරුවන් සමග එකට සිරමැදිරි තුළයි. කිසිදු බලධාරියෙක් මේ ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් නැහැ.

මේ අතර සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාවට ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සමාව දී නිදහස් කළා. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබුවා. මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කළා.

පසුගිය මාර්තු 21 දින The Island පුවත්පතේ කතුවැකියට අනුව ලංකාවේ වැරදිකරුවන්ට දඬුවම් දීමේ ප්‍රතිශතය 4%යි.

නිදහස ලැබූ අපරාධකාරී ගැහැණුන් අතර මත්ද්‍රව්‍ය වැරදි චෝදනා ලද විදේශිකයන් දෙදෙනෙක්ද ඉන්නවා.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA