|
||||||||||||||
|
ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් සටන් මෙහෙයවති කර්නල් ස්වර්නම්ගේ කකුලක් කපලා (W3Lanka, මාර්තු 25) කොටි නායක වේලුපිල්ලෛ හා පොට්ටු අම්මාන් ඇතුළු ජ්‍යේෂ්ඨ නායකයන් රජය විසින් කොටි පාලන ප්‍රදේශයේ ප්‍රකාශයට පත් කර ඇති ආරක්ෂක කලාපයේ සිවිල් වැසියන් අතර සැඟවී හිඳිමින් කොටින්ගේ ප්‍රතිරෝධී යුද්ධය මෙහෙයවමින් සිටින බව මිලිටරි ඔත්තු සේවා විසින් තහවුරු කරගෙන ඇති බව නිල නොවන වාර්තා පවසනවා. 'ලුතිනන් කර්නල්' නිලය මට්ටමේ කොටි සටන්කරුවන් ගණනාවක් මේ වන විට මිය ගොස් ඇති බවද, 'කර්නල් ස්වර්නම්ගේ' කක=ලක් කපා දමා ඇති බවද වාර්තා වෙනවා. 'කර්නල් ලක්ෂ්මන්ගේ බිරිඳ වූ කොටින්ගේ කීර්තිකා රෝහලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ කොටි වෛද්‍යවරියක් සහ ඔවුන්ගේ බිම් බෝම්බ ඇතුරුම් ඒකකයේ ප්‍රධානී පොන්නම්ද සටන්වලදී මියගොස් ඇති බව නිල නොවන වාර්තා කියනවා. තවත් බෙහොමයක් මධ්‍යම හා පහළ මට්ටමේ කොටි සටන්කරුවන්ද මියලියවුන් අතර. පුවත් පිටුවටනිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||