W3lanka.com

NEWS IN
ENGLISH

දෙමළ ජාතික සන්ධානය සමග රජයේ කතා කඩාකප්පල් කරන්න උත්සාහයක්
මන්ත්‍රී කජේන්ද්‍රන්ගේ සොයුරා කොළඹදී උස්සලා

(W3Lanka, මාර්තු 26)
දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂවලට දේශපාලන සාකච්ඡාවක් සඳහා අද සවස එන්නැයි රජය ආරාධනා කරලා.

ජාත්‍යන්තර බලපෑම නිසා සිදු වන මෙයට රජය ඇතුළේම කොටස් විරුද්ධ බව දැනගන්නට තිබෙනවා.

රජය‍ට අවශ්‍ය 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගෙන එන ලද පළාත් සභා උතුරේද ක්‍රියාත්මක කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහාය දිනාගැනීමට බව සැළයි. දෙ.ජා.ස. එය ප්‍රමාණවත් බලය බෙදීමක් ලෙස සලකන්නේ නැහැ.

රජය දිගින් දිගටම දෙ.ජා.ස.ට චෝදනා කළේ එය කොටි රූකඩයක් බවයි. මේ අතර, කොටි සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී බී. නඩේසන් බ්‍රිතාන්‍ය Sunday Times පුවත්පතට පැවසුවේ දෙමළ ජනයාට උතුරු නැගෙනහිර තම නිවෙස් කරා ආපසු පැමිණීමට ඉඩදෙන්නේ නම් දෙමළ රාජ්‍යයක් පිළිබඳ ජනමත විචාරණයකින් ලැබෙන ඕනෑම විසඳුමක් පිළිගැනීමට කොටින් සූදානම් බවයි.

දෙ.ජා.ස.ට රජය සමග සාකච්ඡා කිරීමට ආරාධනා කර තිබෙන අතර, ටැමිල්නෙට් වෙබ් අඩවිය ඊයේ වාර්තා කළේ දෙ.ජා.ස. මන්ත්‍රී එස්. කජේන්ද්‍රන්ගේ සොයුරෙක්ව ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස අසලදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.
විස්තර



විස්තර


පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA