|
||||||||||||||
|
උදයන් ප්‍රහාරය දේශ සීමා නැති මාධ්‍යවේදියෝ හෙළාදකිති සුඩර් ඔලි කර්තෘගෙන් මානව හිමිකම් පෙත්සමක් (W3Lanka, මාර්තු 26) යාපනයේ ප්‍රකාශයට පත් වන උදයන් පුවත්පතේ කාර්යාලයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව දේශ සීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානය පවසනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට අලාභ හානි වී එක් පුද්ගලයකු තුවාල ලැබුවා. මෙම පුවත්පත තර්ජන මධ්‍යයේ වන්නි සිවිල් වැසියන්ට සිදු වන හානි පිළිබඳව දිගින් දිගටම වාර්තා කළා. කොටින්ගේ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරය දිනයේ දුරකථනයට ලැබුණු ඇමතුමක් පිළිබඳ ප්‍රශ්න කිරීමට රඳවාගෙන සිටින උදයන් හා කොළඹින් ප්‍රකාශිත සුඩර් ඔලි පුවත්පත්වල ප්‍රධාන කර්තෘ එන්. විද්‍යාධරන් ඊයේ සිය නීතිඥයන් මගින් මානව හිමිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. විස්තර
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||