W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජාතීන් සිවිල් වැසියන්ගේ හානි සංඛ්‍යාලේඛන ගැන පැහැදිලි කළ යුතුයි -රජය
තවත් 54ක් බදාදා පමණක් මරුට - රජයේ වෛද්‍යවරයෙක්

(W3Lanka, මාර්තු 26)
උතුරේ යුදමුක්ත කලාපයේදී සාමාන්‍ය වැසියන් 2,683ක් මියගිය බවට හා 7,241ක් තුවාල ලද බවට එක්සත් ජාතීන් ළඟ තිබෙන වාර්තාව සකස් කළ ආකාරය පිළිබඳව නිල වශයෙන් කරුණු පැහැදිලි කරන ලෙස විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටියා.

මෙම සංඛ්‍යා දත්ත පසුගියදා එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයෙන් පිට වී තිබුණා. ලංකාවේ රජය ඒවා ප්‍රතික්ෂේප කරනවා. මේ අතර, බදාදා පමණක් ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් 54ක් මිය ගිය බව යුද මුක්ත කලාපයේ සිටින රජයේ වෛද්‍යවරයකු වන ටී. වර්දරාජා ප්‍රකාශ කළ බව ඒ.පී. පුවත් සේවය වාර්තා කළා.

රජය මෙම වෙද්‍යවරයාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන්නේ ඔහු කොටිබලපෑම නිසා ඒවා ප්‍රකාශ කරන බව කියමින්.
විස්තර


පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA