W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලංකාවේ මානුෂීය තත්වය සාකච්ඡා කරයි
ලංකා තානාපති රජයට සටන් නැවැත්වීමක් නිර්දේශ කරයි

(W3Lanka, මාර්තු 27)
චීනය රුසියාව ඇතුලු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ලංකාවේ ප්‍රශ්නය අභ්‍යන්තර එකක් ලෙස සලකා එය පිළිබඳ සාකච්ඡා කිරීමට විරෝධය පළ කළත්, ආරක්ෂක මණ්ඩලය ඊයේ ලංකාවේ මානුෂීය තත්වය සාකච්ඡා කළා.

මෙහිදී යුද කලාපයේ සිර වී සිටින 190,000ක් ලෙස ගණනය කරන ලද සිවිල් වැසියන් වෙනුවෙන් බටහිර රටවල් 'මානුෂීය යුද නැවැත්වීමක්' සඳහා ලංකාවේ රජයටත්, කොටි කැරැලිකරුවන්ටත් බල කළා.

ලංකාවේ එක්සත් ජනපද තානාපති එච්.එම්.ජී.එස්. පලිහක්කාර රැස්වීමෙන් පසුව, කැරැලිකරුවන් සහයෝගී වන්නේ නම්, සටන් නැවැත්වීමක් සලකා බලන ලෙස තමන් රජයට නිර්දේශ කරන බව කී බව තායිවාන් ටයිම්ස් වාර්තා කළා.

ආවෘත සාක්ඡාවෙන් පසු එක්සත් ජනපද තානාපති රෝසමරි ඩිකාලෝ ප්‍රකාශ කළේ ලංකාවේ රජය සිවිල් වැසියන් සිටින ප්‍රදේශ හා රෝහල් ආසන්නයට පවා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන බවයි. ඇය අවතැන් කඳවුරු හැඳින්වූයේ සිර කඳවුරු ලෙසයි. ඒවාට එක්සත් ජාතීන් ආධාර කරනු ඇත්තේ මාස තුනකට පමණක් බව ඇය කීවත්, එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ප්‍රධානී ජෝන් හෝම්ස් ඒ සඳහා කාල වකවානුවක් අවධාරණය නොකරන බව කීවා.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com

First Name:

Last Name:

Your email:

Comments:

© POWERED BY W3LANKA