|
||||||||||||||
|
යුද පුවත්: යුද මුක්ත කලාපය මායිමේ දැඩි සටන් කොටි මිසයිල 10ක් අරගෙන; වන්නිටෙක් අධ්‍යක්ෂ රජයට භාර වෙලා (W3Lanka, මාර්තු 29) වන්නියේ යුද මුක්ත කලාපය ආසන්නයේ කොටි කැරැලිකරුවන්ට ඉතිරි වී තිබෙන වර්ග කිලෝමීටරයක පමණ බිම්කඩෙහි දැඩි සටන් සිදු වන බවද, දෙපාර්ශ්වයටම හානි සිදු වී ඇති බවද නිල නොවන වාර්තා පවසනවා. කොටි හිතවාදී වෙබ් අඩවි පවසන්නේ ළමයින්ද ඇතුළුව සිවිල් වැසියන් විශාල පිරිසක් යුද මුක්ත කලාපයට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි. දැඩි සටන් නිසා පසුගිය දිනවල සිවිල් වැසියන් රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීමද අඩු වෙලා. මේ අතර, කොටි සංවිධානය ගුවන් උරහිසේ තබාගෙන ගුවන් යානාවලට පහර දෙන මිසයිල 10ක් පමණ ලබාගෙන ඇති බව යුද ඔත්තු සේවා තොරතුරු ලබාගෙන තිබෙනවා. බුෂ් පාලනය කාලයේ කොටින්ගේ අවි මිළ දී ගැනීමේ හැකියාව පාලනය වී තිබුණද දැන් තත්වය වෙනස් වී ඇති බව වාර්තා වෙනවා. මෙම මිසයිල දෙකක් පසුගියදා ගුවන් හමුදා හෙලිකොප්ටර් එල්ල කර භාවිත කළද ඒවායින් තම යානාවලට හානියක් නොවූ බව ගුවන් හමුදාව කියනවා. මේ අතර තවත් වාර්තාවකින් කියවුණේ කිලිනොච්චියේ පිහිටි වන්නිටෙක් නම් වූ කොටින්ට සම්බන්ධ තාක්ෂණ විද්‍යාලයේ 'අධ්‍යක්ෂ' දින කීපයකට ඉහතදී රජයට භාර වී ඇති බවයි. පේරාදෙනිය සරසවියේ පරිගණක ඉංජිනේරු උපාධිධරයකු වන ඔහු එහි සහකාර කථිකාචාර්යවරයකු ලෙසද සේවය කර තිබෙනවා. වන්නිටෙක් Tamil Technical Professionals’ Organization (ITTPO) නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක ආධාර ලබන ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් බව වන්නිටෙක් වෙබ් අඩවිය පවසනවා. එහි සභාපතිවරයා ලෙස වෙබ් අඩවියේ සඳහන් වන්නේ කේ. දයාබරරාජ්ගේ නමයි. පුවත් පිටුවටනිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||