|
||||||||||||||
|
රජය සටන් විරාමයකට එකඟ වෙන්න සැරසෙයි ජාත්‍යන්තර පීඩනය දරාගන්න බැරි වෙයි (W3Lanka, මාර්තු 31) රජය 'මානුෂීය සටන් නැවැත්වීමක්' සලකා බලමින් සිටින බවත් ඒ සඳහා කටයුතු ඉදිරියේදී සම්පාදනය කරනු ලබන බවත් විදේශ අමාත්‍යාංශයේ ලේකම් පාලිත කොහොන BBCයට ප්‍රකාශ කර තිfnනවා. මාර්තු 26දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලංකාවේ ප්‍රශ්නය චීනයේ හා රුසියාවේ විරෝධය මැද සාකච්ඡා කළ අවස්ථාවේ රජයටත් සහ කොටි සංවිධානයටත් කියා සිටියේ 'මානුෂීය සටන් නැවැත්වීමකට' ඉඩ දෙන ලෙසයි. මේ අතර, මුහුදේත්, ගොඩත් ඇති වූ දැඩි සටන්වලින් කොටි කැරැලිකරුවන් 50කට වඩා මරා දැමූ බව ආරක්ෂක අංශ වාර්තා කළා. සිවිල් වැසියන් 1600කට වඩා සඳුදා රජයේ පාලන ප්‍රදේශ වෙත පළා ආ බව කී රජය දැනට එසේ පැමිණ සිටින පිරිස 61,000ක් බවද කීවා. එක්සත් ජාතීන්ට අනුව යුද කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන් සංඛ්‍යාව 190,000ක්. මෙම වැසියන්ගේ ඉරණම මේ වන විට ලෝක අවධානයට ලක් වී ඇති අතර රජය තමන් විසින්ම ප්‍රකාශයට පත් කර තිබෙන 'ආරක්ෂක කලාපයට' ෂෙල් ප්‍රහාර එල්ල කරන බව හා කොටි සංවිධානය ඉදිරියට එමින් සිටින රජයේ හමුදාවලට ප්‍රතිරෝධය එල්ල කිරීම පිණිස සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන බව වාර්තාවල සඳහන් වෙනවා. පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||