|
||||||||||||||
|
"ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වන ඊලමකට අපි කැමතියි," කරුණානිධි කියයි එල්.ටී.ටී.ඊ. අලුත් තාලයට ඩී.එම්.කේ. එක් වෙයි (W3Lanka, මාර්තු 31) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ නිර්මානය වන්නේ නම්, ලංකාවේ දෙමළ ජනයා සඳහා වෙනම ඊලාම් රාජ්‍යයක් පිළිගැනීමට තමන් සූදානම් බව තමිල්නාඩු ප්‍රධාන ඇමති එම්. කරුණානිධි චෙන්නෛහිදී වාර්තාකරුවන්ට පැවසුවා. ජනතාව ඡන්දය දී වෙනම ඊලාම් රාජ්‍යයක් නිර්මානය කරන්නේ නම් තමන් කැමති බව කරුණානිධි කීවා. ඔහුගේ ප්‍රකාශය පැමිණියේ දෙමළ ජනයා ඊලම පිළිබඳව ජනමත විචාරණයකදී දෙන තීන්දුව පිළිගැනීමට තම සංවිධානය සූදානම් බවට කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක බී. නඩේසන් මෑතදී බ්‍රිතාන්‍යයේ Sunday Times පුවත්පතට ප්‍රකාශ කිරීමෙන්පසුවයි. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ හැම එකකම පාහේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය බවට පත් වෙමින් තිබෙනවා. පුවත් පිටුවටනිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||